කොටහේනේ දී අද සිදුවූ පුදුම හිතන කොල්ල කෑම… (වීඩියෝ සහිතයි)

තමන්ගේ ගෙදර කාමරයේ සිට පැමිණ තමන්ගේ ගමන් මල්ල වාහනයට දමාගෙන යනවා සේ කිසිම චකිතයකින් තොරව කෝටි දෙක හමාරකට අධික මුදල් මංකොල්ලයක් කරන ආකාරය සම්බන්ධ සිදුවීමක දර්ශන නිකුත් වී තිබේ.

වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය. කොළඹ කොටහේන ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසට අද උදෙ 11ට පමණ  ප්‍රභු ආරක්ෂක ඇඳුමකට සමාන සිදු කමිස සහ කළු කලිසම් වලින් සැරසුන සිවිල් පුද්ගලයින් දෙදෙනෙක් පැමිණ තිබේ.

එක් පුද්ගලයෙක් අතේ මාංචු කුට්ටමක් තිබී ඇත. ඒ අවස්ථාවේ දී නිවසේ සිට ඇත්තේ නිවෙස් හිමියාගේ බිරිය සහ එම නිවසේ නේවාසිකව සිටින තරුණියක පමණි.

පැමිණි දෙදෙනා තමන් පොලිසියෙන් බව පවසා වංචාවක් සම්බන්ධව කෙරෙන ප්‍රශ්න කිරීමක් සඳහා නිවෙස් හිමියාව අවශ්‍ය බව දන්වා ඔහුවත් නිවෙසට ගෙන්වාගෙන තිබේ.


අනතුරුව පොලිසියෙන් ආකාරයෙන්ම රැඳී සිට ප්‍රශ්න කරමින් පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ රැඳී සිට ප්‍රකාශ සටහන් කරගන්නා ආකාරයෙන් නිවසේ ඇති සියලුම වත්කම් පිළිබඳ තොරතුරු රැගෙන නිවෙස් හිමියා කාමරයක දමා සිරකර කාන්තාවන් දෙදෙනාත් බැඳ දමා නිවසේ ඇති රත්තරන් බඩු සහ මුදල් පැහැර ගෙන නිවැසියන්ගේම බෑගයකට දමාගෙන කිසිම චකිතයකින් තොරව නික්ම යන ආකාරය සී.සී.ටී.වී දර්ශනවල සටහන් වී තිබේ.

මේ එම දර්ශනයි. මේ කෝටි ගණනක කොල්ලයක් කර පිටවී යන චෞරයන් බව සිතා ගත හැකි ද?

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


;

Exit mobile version