කේතුමතී රෝහලේ ගිලන් රථ රියදුරුට වෙඩි තැබූ කුඩු සළිඳුගේ ගෝලයෙක් අල්ලයි!

සළිඳු මල්ෂික ගුණරත්න හෙවත් කුඩු සළිඳු ගැන කරන විමර්ශනයේම කොටසක් ලෙස පසුගිය වසරේ ජනවාරි මස 27 වැනිදා පානදුර කේතුමතී රෝහලේ ගිලන් රථයක රියදුරුට රෝහල ඉදිරිපිට දි යතුරු පැදි දෙකකින් පැමිණ වෙඩි තැබූ සැකකරුවන් හතරදෙනාගෙන්  එක් අයෙක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  ඊයේ (24) සමත් වී තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උයන කැලේ පානදුර යන ලිපිනයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි

මිලි මීටර 9 වර්ගයේ ගිනි අවි දෙක්ක ද සමග අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්නකිරීම් සඳහා අධිකරණයෙන් අවසර ලබාගෙන ඇත.

සලිඳු මල්ෂික ගුණරත්න හෙවත් කුඩු සලිඳුගේ ගෝලයෙක් සේ සැලකෙන ඔහු  සළිඳු සමග එක්ව හෝ වෙන් වෙන්ව මිනීමැරුම් ඇතුළු අපරාධ රට තුළ සිදුකර ඇතිදැයි සෙවීමට පරීක්ෂණ පැවැත්වෙන බව විමර්ශන අංශ පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

 

Exit mobile version