කෙළවරක් නැති වැඩක්… මහනුවර රෝහලේ යළි මිනී ගොඩක්…

අධිශීතාගාරයෙන් පිට මළසිරුරු 12ක්... වැඩි ප්‍රමාණක් කොවිඩ් සිරුරු නොවෙයි...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ අධිශිතාගාරයෙන් පිටත විවෘත ස්ථානයක මෘත දේශ දොළහකට ආසන්න සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මහනුවර වත්තේගම කටුගස්තොට ආදි පෙදෙස්වල පදිංචිව සිට මිය ගිය පුද්ගලයන්ගේ මෘත දේහ මෙලෙස ගොඩ ගසා තිබේ.

මෘත දේහ මෙලෙස ගොඩ ගැසී ඇත්තේ ආදාහනය සදහා යොමු කිරිමට අධිකරණ වෛද්‍ය නිළධාරින්ගේ නිර්දේශ නොමැති වීම නිසා යැයිද , මහනුවර රෝහලේ අධිකරණ වෛද්‍යවරුන් දොළහකට වැඩි පිරිසක් සේවයේ නියුතුව සිටින බවත් දැනගන්නට තිබේ. දින හයකට වඩා වැඩි මෘත දේහ ඇතැයිද ඒවා නරක්වී දුගද හමන තත්ත්වයට පත්ව ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.

මෙම මෘත දේහ අතුරින් වැඩි දේහ ගණනක් කොවිඩ් ආසාදිත නොවූ ඒවා වන අතර සායනික වාර්තා හෝ වාට්ටුවෙන් දෙන ලද මරණයට හේතු දක්වා ඇති මරණද වන බවද දැනගන්නට තිබේ. අධිශීතාගාරයෙන් පිටත මෘත දේහ රදවා තිබීමෙන් කාර්යය මණ්ඩලය දැඩි සෞඛ්‍ය අනාරක්ෂිත බවකට ගොදුරුව ඇතැයිද , මෙම මෘත දේහ ඉන් ඉවත් කීරිමට බලධාරින් වහා කටයුතු යෙදි ය යුතු යැයිද පැවසේ.

මේ අතර තෙල්දෙණිය පොලිස් බල ප්‍රදේශයේ පමණක් නිවෙස්වලදි මිය ගිය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දස දෙනකු බව හදිසි මරණ පරික්ෂණවලින් තහවුරු වී තිබේ.

මැණික්හින්න දෙදෙනකු , වත්තේගම දෙදෙනකු පන්විල තිදෙනකු උඩුදුම්බර තිදෙනකු ආදි වශයෙන් නිවෙස් තුල මිය ගිය සංඛ්‍යාව දැක්වේ. නිවෙස්වලදි මිය යාමෙන් අනතුරුව රෝහලට රැගෙන විත් පීසීආර් පරික්ෂණ පවත්වා ඇති අතර අනතුරුව රෝහල විසින් මෙම දේහ ආදාහනය කල බවද පැවසේ.

Exit mobile version