-
පද්මේ ගේ බිරිය දෙමව්පියන් සමග වෙසෙන පන්නල නිවස වීඩියෝ කළ කුඩුවලට ඇබ්බැහි වූ තරුණයින් දෙදෙනෙක් සියල්ල හෙළි කරයි…
කෙහෙල්බද්දර පද්මේගේ බිරියගේ මව්පියන් වාසය කරන නිවස සහ නිවසට ප්‍රවේශවන මාර්ගය ඇතුළු සියල්ල වීඩියෝ කළ තරුණයින් දෙදෙනා එසේ කර ඇත්තේ ගනේමුල්ල සංජීවගේ සමීපතම ගෝලයෙක් වූ ඩුබායි අමිල නැමැත්තා විසින් ලබා දුන් නියෝගයක් මත බව පොලිස් විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබේ.
අද අවුරුදු 21 සහ 24 වයසැති තරුණයින් දෙදෙනෙක් පන්නල ප්‍රදේශයේ පිහිටි මෙම නිවස වීඩියෝ කර ඇති අතර ඒ තොරතුර සම්බන්ධව පන්නල පොලිසි වහාම ක්‍රියාත්මක වී ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ ගේ සියලුම ඥාතීන් සහ මිතුරන් ඝාතනය කරන බවට ගණේමුල්ලේ සංජීවගේ පාර්ශවය විසින් අනතුරු ඇඟවීම් සිදුකර තිබුණ බැවින් යැයි වාර්තා වේ.
වහාම එම ස්ථානයට පැමිණෙන පොලිසියට නිවස ඡායාරූපගතකරමින් වීඩියෝ කරමින් සිටින තරුණයින් දෙදෙනා හමුවී ඇති අතර ඔවුන්ට එම වීඩියෝ කිරීම සම්බන්ධව සාධාරණ උත්තරයක් ලබා දීමට නොහැකි වූ හෙයින් අත් අඩංගුවට ගෙන පොලිසියට ගෙන ගොස් ප්‍රශ්න කිරීමේ දී තමන් මෙම වීඩියෝ කිරීම කළේ ඩුබායි අමිල නැමැත්තාගේ ඉල්ලීමකට බව හෙළි කර ඇත.
මෙම තරුණයින් දෙදෙනා ද මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවන් වන අතර ඩුබායි අමිල විටින් විට ඔවුන්ට මත්ද්‍රව්‍ය පානය සඳහා මුදල් එවන බැවින් ඔහුගේ ඉල්ලීම ඉටු කරන්නට පැමිණි බව මෙම තරුණයින් පොලිසියට පවසා තිබේ.
එම නිවසට පිවිසිය හැකි ගමන්මග විඩියෝ කර තමන්ට එවන ලෙසට ඩුබායි සමීර නැමැත්තා උපදෙස් දුන් බවත් එය සිදුකළ බවත් සැකකරුවන් පොලීසිය හමුවේ පවසා තිබේ.







