කුස තුළ මිය ගිය සති 37ක බිළිඳියටත් කොවිඩ්…

ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගැබිනි මවකගේ කුස තුළදි මියගිය සති 37ක් වියැති බිළිදියකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයේ දි අනාවරණය වි ඇත.

ගැබිනි මව දරුප්‍රසුතිය සඳහා ගාල්ල මහමෝදර මාතෘ රෝහලට ඇතුලත්ව ඇති අතර කුස තුලදි දරුවා මියගොස් ඇත. මිය යාමෙන් පසුව බිළිඳියට කරනු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.

ගැබනි මව බුස්ස මහමුදලිමාවතේ පදිංචිකාරියකි. ඇයට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා කරන්දෙණිය කොවිඩ් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍තිකාර ලැබ යළි නිවසට පැමිණ ඇත. පසුව දරු ප්‍රසුතිය සදහා මහමෝදර මාතෘ රෝහලට ඇතුළත්ව ඇත.

මෙම ගැබනි මවගේ දරු දෙදෙනා හා සැමියා ද නිවස තුළ නිරෝධායනයට ලක්කොට ඇත. මියගිය බිළිඳියගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක විසින් කරාපිටිය ශික්ෂණ රොහලේ දි පවත්වනු ලැබිය. පශ්චාත් මරණ පරික්ෂණය සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරි සමාධි දන්දෙණියආරච්චි විසින් සිදුකරනු ලැබුවාය.

ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා මියගිය බිළිඳියගේ සිරුරේ කොටස් වැඩිදුරපරික්ෂණ සඳහා යොමුකොට තින්දුව පසුවට තබා දේහය නිදහස් කරනු ලැබිය.




Exit mobile version