කුලියාපිටියේ ළමා නිවාසයක දැරියන් 37කට කොවිඩ්…

කීර්ති ප්‍රනාන්දු –

කුලියාපිටිය ළමා රැදවුම් නිවාසයක දැරියන් 36 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට අද( 23 )දින හදුනා ගත් බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම රැඳවුම් නිවාසයේ දැරියන් 46 දෙනෙකු සිටින බවත් එහි දැරියන් කිහිප දෙනෙකුට ඇතිව තිබූ රෝගී තත්ත්වයන් හේතුවෙන් දැරියන් 46 දෙනාට සිදුකර ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් පසුව එයින් දැරියන් 36 දෙනෙකු කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමට හැකි වූ බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

මෙම රැඳවුම් ළමා නිවාසය අධිකරණය මගින් පාලනය වන්නක් බැවින් ළමා රැදවුම් නිවාසය සිටින පරිවාස නිලධාරීන්වද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකට ලක් කිරීමට නියමිත බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම ඉතා සුරක්ෂිතව මෙම රැඳවුම් ළමා නිවාසයේ සිටින මෙම දැරියන් හට කොරෝනා වෛරසය ආසාදනය වන්නට ඇති සබඳතා පිළිබඳවද පරීක්ෂණ ආරම්භ කර බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Exit mobile version