කුමන මට්ටමේ ආහාර හිඟයක් ආවත් පොහොර ප්‍රමිතිය වෙනස් කරන්නෙ නෑ…

ප්‍රශ්නවලට ක්ෂණික උත්තර දෙන්නට ගොස් ජාතියක අනාගතය විනාශ නොකරන්නට තීරණය කළ විද්වතුන්ගේ කතාව!

ආහාර හිඟයක්  සම්බන්ධව කුමණ ප්‍රශ්නකාරී තත්වයක් මතුවුවද  රට තුළට විදේශයකින්  ගන්නා පොහොරවල ප්‍රමිතිය කිසිම ආකාරයකින් වෙනස් නොකරන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා ලංකාසරට පැවසීය.

රටේ ජෛව විවිධත්වය, පරිසරය සහ ශාඛ සත්ත්ව ප්‍රජාව ආරක්ෂා කළ කිසිම ක්ෂුද්‍රජීවියෙක් සහිත කාබනික ද්‍රව්‍ය කොටසක් රට තුළට ගෙන ඒම තහනම් කරමින් බලාත්මක කළ 1704 ප්‍රමිතිය වෙනස් කිරීමට ඉඩ නොදෙන බවත් ඒ සඳහා විෂය පිළිබඳ වගකීම දරන රටේ සියලුම විද්වත් වෘත්තිකයින් එක් මතකය සිටින බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා  කියයි.

සංඛ්‍යාලේඛණ ප්‍රකාරව ගිය කන්නයේ අස්වැන්නෙන් අතිරික්තයක් රට තුළ ඇති බවත් ඒ තත්වය තුළ මහ කන්නයේ අස්වැන්න අඩු වුවද  රටේ ආහාර හිඟයක් ඇතිවීමේ ඉඩක් නැති බවත් ඔහු පෙන්වා දුන්නේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් මේ වනවිට  එම අතිරික්ත අස්වැන්න ඇත්තේ මහාපරිමාණ වී මෝල් හිමියන් කීපදෙනෙකුගේ ගබඩාවල බැවින් ඒ සම්බන්ධව රජය පාර්ශවයෙන් මැදිහත් වී මෙම ව්‍යාපාරිකයන් සමග  සාධාරණ අවබෝධතාවයකට පැමිණියහොත් ගැටලුව යම් පමණකට සමථයකට පත් කරගත හැකි බව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග ලංකාසරට හෙළි කළේය.

Exit mobile version