කුණුහරපාචාර්ය තුමා ආචාර්ය උපාධි නිබන්ධනය කළේ ස්ත්‍රී නිමිත්ත ගැන ද? – සුසිල්ගෙන් කුණුහරපෙන් බැණුම් ඇසූ රෝහීණී පාර්ලිමේන්තුවේ දී අසයි…

උත්තරීතරයැයි කියනා මේ පාර්ලිමේන්තුවේ සභානායක, අධ්‍යාපන ඇමති කුණුහරුපාචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සිය ආචාර්ය උපාධියට නිබන්ධනය කර ඇත්තේ ස්ත්‍රී නිමිත්ත ගැන දැයි තමා දැනගන්නට කැමති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න ප්‍රශ්න කළාය.

ඇය මේ බව විමසුවේ පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තු සභාව තුළ මන්ත්‍රීවරිය සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර ඇති වූ සංවාදයක් තුළ අධ්‍යාපන අමාත්‍යවරයා  ඇය වෙත කුණු හරපයක් කියමින් බැණ වැදීම සම්බන්ධව කණගාටුව ප්‍රකාශ කිරීමෙන් අනතුරවය.

ඇය පැවසුවේ මේ සම්බන්ධව විපක්ෂ නායක කාර්යාලය විසින් ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නය අද න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු නොලැබූ බවත් එසේ කරන්නට ඇත්තේ සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන ඇමතිවරයා විසින් සිය කණගාටුව පළ කිරීම සිදු කරන තුරු යැයි තමන් විශ්වාස කරන බවත්ය.

රෝහණී කවිරත්න මන්ත්‍රීවරිය මෙසේ ද පැවසුවාය.


අද මගෙ වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කරලා තිබුනා. අද දවසින් ඒක අයින් කරලා තියනවා. මට සැකයක් තියනවා    මෙතුමා මේ ප්‍රකාශය කරනකම් තමයි ඒක අයින් කළේ කියලා.

කතා නායක තුමනි.  මම ඔබතුමාගෙන් එක්ක අහනවා.

24 වැනිදා මේ උත්තරීතර යැයි කී සභාවේ සභානායක අධ්‍යාපන ඇමති, කුණුහරපාචාරය සුසිල් ප්‍රේමජයන්ත කියන මනුස්සයා කරපු කතාව ඔබ තුම  කතානායවරයා ලෙසත් අගමැතිවරයාත් ඔතන ඉඳන් ඒක පිළිගන්නව ද?

ඒක හැන්සාඩ් එකෙන් අයින් කරලා තියනව ද?. එහෙම නැතිනම් අපි දන්නවා සෝරත හිමියන්ගේ සුමංගල ශබ්දකෝෂයේ තියනවා මේ වචනය. මේ වචනය මට කියන්න බෑ.  එතෙන්ට මට වැටෙන්න බෑ. ඒක මේ පාර්ලිමේන්තුවේ පාවිච්චි කළාට කමක් නැද්ද?

හෙට කාන්තා දිනය. ඔබතුමන්ලා ඔක්කොම කාන්තාවන් ගැන කතා කරන්න යනවා. ඒත් මේ පාර්ලිමේන්තුව ඇතුළෙ කාන්තාවක් කතා කරන්න යනකොට ඒ කාන්තාවගේ ස්ත්‍රී නිමිත්ත එළියට ඇදලා ඒකට මල ද මල් ද කියනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මොකක් ද හැදියාව. මම දන්නෙ නෑ…  මෙතුමගෙ ආචාර්ය උපාධියෙ නිබන්ධනයෙ   කළේ මේ නිමිත්ත ගැනද කියන්න මම දන්නෙ නෑ….

Exit mobile version