හමුදා සෙබලුන් යොදාගෙන කුඩු ජාවරම් කරන කුඩු සලිඳු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යාන්තර පොලිසියේ සහය පතයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යුද හමුදා සෙබලුන් යොදවාගෙන කුඩු ජාවරම කරන කුඩු සලිඳු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීය මගින් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසීය.

මේ වන විට මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බොහෝ ජාවාරම්කරුවන් ඩුබායි හා ඒ ආශ්‍රිත රටවල් වල වාසය කරන බවද මධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම වසරේ මේ වන විට රුපියල් බිලියන 08 ක් පමණ වටිනා මත්කුඩු කිලෝ 773 ක් පොලීසිය අත්අඩගුවට ගෙන ඇතැයිද පැවසුවේය.

Exit mobile version