මත්කුඩු ජාවාරමට සම්බන්ධ චෝදනා මත අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ පොලිස් නිලධාරීන් එම ජාවාරමෙන් ඉපැයූ මුදල් බෙදා ගත් බව පැවසෙන එක් ස්ථානයක එම කාර්යාංශයේ ඉහළම නිලධාරියකුගේ ද ජංගම දුරකථනය ක්‍රියාත්මක වූ බවට තොරතුරු හෙළි වීමත් සමඟ මෙම මහා ජාවාරමට එම නිලධාරියා ගේ ද සම්බන්ධයක් ඇතිද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව ලංකාසර ට වාර්තා වේ.
මේ වනවිට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම්වලට ලක් වන පොලිස් නිලධාරීන් විසින් දෙන ලද ප්‍රකාශ පිළිබඳව වෙන් වෙන් වශයෙන් විමර්ශනය කරන අතර එහිදී ඔවුන් ආගිය ස්ථාන සහ ඒ වෙලාවන් සහ ස්ථානවල සිට සම්බන්ධ වූ ජංගම දුරකථන පිළිබඳව තොරතුරු ද අදාළ සමාගම් හරහා ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
ඒ අනුව මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශ නිලධාරීන් මෙම මත් කුඩු ජාවාරම් කර උපයා ගත් මුදල් බෙදා ගත් බවට සඳහන් කළ ස්ථානය ආශ්රිත දුරකථන පණිවිඩ නිරීක්ෂණයේදී මෙම ඉහළ නිලධාරියාගේද දුරකථනය එම ස්ථානයේ ක්‍රියාත්මක වූ බව අනාවරණය වී තිබේ. ඒ අනුව මෙම විමර්ශන සිදුවෙයි.
මීට අමතරව ඊයේ (07) පෙරවරුවේ කඩවත දී පොලිස් භාරයට පත් මෙම ජාවාරමේ මහ මොළකරු ලෙස හැඳින්වෙන පොලිස් පරීක්ෂකවරයා තමන් විසින් එය සිදු කළ බවට පාපොච්චාරණය කර ඇති බවද වාර්තා වේ.