කුඩු කෑල්ලක් දාලා උඹව ඇතුළට දානවා… පැහැරගෙන ගිය ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකුට තර්ජනයක්…

wasantha

කැලණිය විශ්වවිද්‍යාලයේ සිවුවන වසරේ සිසුවෙක් ඊයේ (31) සවස තුනට  කැලණිය වේවැල්දූව පාරේදී  සුදු වෑන් රථකයකින් පැමිණි 08 දෙනෙකුගෙන් යුතු සිවිල් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස්  ජනාකීර්ණ නොවූ පාරක රඳවාගෙන පැය තුනක් තිස්සේ බලපෑම් කරමින් ප්‍රශ්න කළ සිදුවීමක් සම්බන්ධව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ලයේ කැඳවුම්කරු  වසන්ත මුදලිගේ අද හෙළි කළේය.

මේ පැහැර ගත් පුද්ගලයින් කවුද, ඔවුන්ගේ අනන්‍යතාවය කුමක් ද, ඔවුන්ට  එවැනි පැහැරගැනීමක් කිරීමට ඇති නීත්‍යානුකූල පදනම කුමක් දයන්න මේ මොහොත වනතුරුත් කිසිවෙක් නොදන්නා බව ඔහු කීවේය.

මෙසේ පැහැරගත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයාගෙන්  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කාර හිමියන්, මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු නිල තල දරන්නන් මෙන්ම මෙම ජන අරගලයට ක්‍රියාකාරීව සම්බන්ධ වුනු ශිෂ්‍ය ක්‍රියාකාරීන් සම්බන්ධව නම් කියා විමසමින් තොරතුරු ලබා ගැනීමට බලපෑම් කර ඇති බවත් ඔවුන් විශ්ව විද්‍යාලය තුළ සිදුකරන්නේ කුමක් දැයි පුන පුනා ප්‍රශ්න කළ බවත් ඔහු හෙළි කළේය.

මේ ප්‍රශ්න කිරීම්වල දී සාධනීය තොරතුරක් හෙළි කරගත නොහැකි පසුබිමක වැඩිපුර දඟලනවා නම් කුඩු කෑල්ලක් දමා ඇතුළට දමන බවට තර්ජනය කර ඇති මෙම කණ්ඩායම  විසින් බොහෝ වෙලාවකට පසු යළිත් ඔහුව මහ මගට අත්හැර දමා ගොස් තිබුණු බව වසන්ත මුදලිගේ මාධ්‍ය වෙත පැවසුවේය.


ලලිත් කූගන්ට, තාජුඩීන්ට සිදුවූ ඉරණම පිළිබඳ අරගලයේ යෙදුන ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට ද ආණ්ඩුව ඉඟි කරන බව ඔහු කීවේය.

හදිසිනීතිය, පොදු දේපල පනත, පුරාවිද්‍යා ආඥා පනත මගින් මේ එල්ල කරන දැඩි මර්ධනය සහ   දැඩි භීෂණයට මුහුණ දීමට සූදානම් බව ද අරගය ඇත්තේ සමාජයේ මිනිස්සුන්ගේ ජීවිත තුළ බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිහි කරගත යුතු බවද කියා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අරගලය අත්අඩංගුවට ගැනීම්, රඳවාගෙන ප්‍රශ්නකිරීම්, භීෂණය පැතිරවීම්, මර්ධනය කිරීම් හරහා වැලැක්විය නොහැකි බව ද ඔහු කීවේය.

Exit mobile version