කුඩු එස්.අයි.ගේ විමර්ශන සමග පොලිස් ලොක්කෙකුගේ කුඩු කෑ විත්ති හෙළිවන ලකුණු

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මත් කුඩු ජාවාරමකට සම්බන්ධව අත් අඩංගුවට පත් වුණු උප පොලිස් පරීක්ෂකවරයා පිළිබඳ විමර්ශන ආරම්භ වීමත් සමගම එම මත්කුඩු හිමි බව කියන පානදුරේ කුඩු සලිඳු නැමැත්තා හා සමීප සම්බන්ධතා පැවැත්වූ ඉහළම පෙළේ පොලිස් නිලධාරියෙක් ගැන හෙළිදරව් වෙමින් ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

තවමත් පොලිස්පති සිහිනයේ සිටින මෙම නිලධාරියා අද (19) උදෑසන සිට මෙම කුඩු ජාවාරම සම්බන්ධව පැවැත්වෙන විමර්ශන යට ගැසීම සඳහා බරපතල උත්සාහයක යෙදෙමින් ඇතැයි එම ආරංචි මාර්ග වාර්තා කරයි.

ඔහුගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ මෙම විමර්ශන භාර උසස් පොලිස් නිලධාරියාගෙන් එම විමර්ශන ඉවත් කිරීම බව පැවසේ.

 

Exit mobile version