බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුට්ටුමනී ගේ බිරිය එස්.රාසරූපරාජිනී ලන්ඩනයේදී මිය යයි

by editor
සැප්තැම්බර් 6, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ටෙලෝ සංවිධානය නිර්මාණය කිරීමට දායක වූ කුට්ටුමනී (සෙල්වරාජා යෝගචන්ද්‍රන්) ගේ බිරිය එස්.රාසරූපරාජිනී ලන්ඩනයේදී ඊයේ (05)දා මියගිය බව ටෙලෝ සංවිධානය නිවේදනය කොට සිටියි.

මියයන විට අවුරුදු හැත්තෑ නවයක් වු ඇයගේ ආදාහන කටයුතු ලන්ඩනයේදී සිදු  කරණ බවද එම නිවේදනයේ සදහන් වෙයි.

සෙල්වරාජා යෝගචන්ද්‍රන් හෙවත් කුට්ටමනී යනු උතුරේ සම්ප්‍රදායික දේශපාලනයට විකල්පයක් ලෙස වර්ෂ 1969 දී වැල්වටිතුරෙයි ආශ්‍රිතව බිහිවන මුල්ම තරුණ දෙමළ කණ්ඩායමේ සාමාජිකයෙකි. එහ හැඳන්වුයේ තංගදුරේ කල්ලිය නමිනි.  මුල්ම තරුණ කල්ලිය ඇති වෙන්නේ 1969 වැල්ලටිතුරේ ප්‍රදේශයේදී. ඒ තංගදුරේ කල්ලිය​. නඩරාජා තංගවේලු (තංගදුරේ ) නැමැත්තාගේ නායකත්වයෙන් ඇරඹෙන මෙම කල්ලියේ  සාමාජිකයන් වූයයේ.
වර්ෂ 1973 දී තංගදුරේ කල්ලිය “දෙමළ විමුක්ති සංවිධානය” (Tamil Liberation Organization) – TELO නමින්  සමාජ ගත වූහ. ටෙලෝ සංවිධානය 1973 දී ආරම්භ වන්නේ  නඩරාජා තංගවේලු (තංගදුරේ) – නායක,​ සෙල්වරාජා යෝගචන්ද්‍රන් (කුට්ටමනී) හා ශ්‍රී සභාරත්නම් විසිනි. පුලුල් මහජන සභාගීත්වයක් සහිත සංවාදශීලී දේශපාලනයක් අරමුණු කරගත් ටෙලෝ සංවිධානයේ දෙවැනි නායක කුට්ටමනී යාපනයේ ජනතාව අතර විශාල ජනප්‍රියත්වයක් හිමි කරගත්තේය.
ඔවුන් තමිල්නාඩු දේශපාලන පක්‍ෂ සහ රෝ සංවිධානය සමඟ සබඳකම් ඇති කර ගත්හ. උතුරේ සන්නද්ධ කණ්ඩායම් අතරින් වැඩිම ඉන්දියානු සබඳකම් පැවතියේ කුට්ටමනීගේ ටෙලෝ සංවිධානයටය​.
කුට්ටමනී පොලිස් අත්අංගුවට පත් වූ අතර නඩු විභාගයකින් අනතුරුව මරණීය දණ්ඩනය නියම වූයේය. එහෙත් රටේ නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ ලැබුණේ නැත.
වර්ෂ 1983 ජූලි මස 25 වැනි දින රජයේ අත්අඩංගුවේ සිටිය දී වැලිකඩ බන්ධනාගාරය තුළ  කුට්ටමනීත්,  ඒ තන්ගරාජා තංගවේලු හෙවත් තන්ගතුරායි නැමැති අනෙක් ටෙලෝ නායකයාත් ඇතුළු දෙමළ දේශපාලන  සිරකරුවෝ තිස් පස් දෙනෙක් ඝාතනය විය.

Kuttmuni-Tamil-
කුට්ටමනී පොලිස් අත්අඩංගුවේ පසු වූ අවස්ථාව

අතිශය අශිෂ්ට ප්‍රකාශනය වන්නේ කැරැල්ලක් බව කී ඒ ඝාතන වියරුවෙන් දින දෙකට පසු , එනම් ජූලි මස 27 දින ඒ ආකාරයෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ දී තවත් දෙමළ සිරකරුවන් 17 දෙනෙක් ඝාතනය වීමය.  සමූල ඝාතනය වූ සිරකරුවන් ගණන පනස් තුන් දෙනෙකි.
මෙම ඝාතන  කලු ජූලිය තරම්ම  ජාත්‍යන්තරයෙන් රටට අප්‍රසාදයක් ගෙනාවේය.  කුට්ටමනීගේ පවුල ඉන් අනතුරුව රටින් පිටවී ගියහ.
කුට්ටමනී මිය ගොස් අවුරුදු 37කට පසු ඔහුගේ  බිරිය එස්.රාසරූපරාජිනී ලන්ඩනයේ දී මිය ගිය බව වාර්තා විය.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙන් තවමත්  ෆෝන් එකෙන් කුඩු බිස්නස්…

Next Post

සිංහල බෞද්ධ ආණ්ඩුවට එරෙහිව ඉන්දියාවත් එක් කරගෙන බලපෑම් කරන්න විගී සැරසෙයි…

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.