දිනසේන රතුගමගේ –
කිළිනොච්චිය පරන්තන් මාර්ගයේ වාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී පොලිස් නිල යතුරුපැදියට ද හානි කර පලා ගිය පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ඊයේ (19) මෙම ප්රහාරයට ලක් වී ඇත්තේ කිළිනොච්චිය පොලීසියට අනුයුක්තව රථවාහන රාජකාරියේ යොදවා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකි.
යතුරු පැදියක් පරීක්ෂා කිරීමේදී බීමත්ව සිටි එහි පැදිකරු පොලිස් නිලධාරීන් සමග බහින් බස් වී පසුව ඔවුන් දෙදෙනාට පහර දී පොලිස් නිල යතුරු පැදියටද හානි කොට පලා ගොස් ඇතැයි පොලිසිය කීවේය.
යතුරුපැදිකරු ඒ අවස්ථාවේදි දැඩි ලෙස බීමත්ව සිටි බව පවසන පොලිස් නිලධාරීන් දෙදෙනා සැකකරු තමන් බලාපොරොත්තු නොවූ අවස්ථාවක බලාපොරොත්තු නොවන ආකාරයට ප්රහාර එල්ල කොට යතුරු පැදියත් රැගෙන පලා ගිය බව ප්රකාශකොට තිබේ.







