කිලෝ 1500 මඩු මාලුවෙක් හසුවෙලා… ගොඩට ගෙන ඇත්තේ කෑලිවලට කපලා..

බොහෝ දෙනෙක් සංවේදී වූ අවස්ථාවක්...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශාල මඩු මාළුවෙකු  අද සවස  වාද්දුව පොතුපිටිය වෙරළ තීරයෙන් මුහුදු ගිය ධීවරයන් පිරිසකගේ  දැලකට  හසුව තිබේ.
පසුව මෙම ධීවරයන් විසින් මෙම විශාල මඩු මාළුවා බෝට්ටුවට පටවා ගැනීමට උත්සාහ කළද කිලෝ 1500කට අධික බරක් වූ බැවින් මෙම ධීවරයන් ඔවුන්ගේ දැල්වල පටලවාගෙන ගොඩබිමට රැගෙන විත් ඇත.
පසුව ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ගෙන ගොඩට ඇදීමට උත්සාහ කලත් එය අපහසුවීම නිසා ධීවරයන් විසින් තියුණු පිහි භාවිතකර කොටස්කර ගොඩට ගෙන තිබේ. මෙම අවස්ථාව බොහා් දෙනෙකුට ඉතා සංවේදී අවස්ථාවක් විය.
කෙසේ වෙතත් මෙය රුපියල් ලක්ෂ එකහමාරකට අධික මඩු මත්ස්‍යයෙකු බව ධීවරයෝ කියයි.
මෙම අවස්ථාව දැක බලාගැනිමට කොරෝනා අවදානම නොතකා  විශාල පිරිසක් එක්ව සිටියේ සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් නොතකාය.
වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ  ධීවරයින් තිදෙනෙකු අද උදෑසන ධිවර කටයුතු  සදහා ගිය අවස්ථාවේ මෙම මත්ස්‍යයා හසුව තිබේ..

Exit mobile version