කැස්බෑ මස් කිලෝ 18ක් – මරා දැමූ කැස්බෑවන් 4ක් සමග මස් වැද්දන් 4ක් කොටු.

දිනසේන රතුගමගේ

නීති විරෝධී ලෙස කැස්බෑ මස් අලෙවි කරමින් සිටි යාපනයේ  ගුරුනගර් අන්නාසිලෙයි ප්‍රදේශයේ පුද්ගලයින් හතර දෙනෙකු කැස්බෑ මස් කිලෝ ග්‍රෑම් 18 ක් හා මරාදමන ලද කැස්බෑවන් හතර දෙනෙකු සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද (20) අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් හතර දෙනා විසින් එක් නිවසක කැස්බෑ  මස් අලෙවි කොට ඇති අතර එක් කිලෝවක් රුපියල් දහස බැගින් ඒවා  අලෙවි කොට තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගන්නා ලද කැස්බෑ මස් තොගය හා මරාදමන ලද කැස්බෑවන් හතර දෙනා යාපනයේ ජලජීවී නිලධාරී කාර්යාලය වෙත සැකකරුවන් සමග බාර දී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජලජීවී නිලධාරීන් මෙම සැකකරුවන්ව යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.

Exit mobile version