නුවරඑළිය, ග්‍රෙගරිවැවේ ගොඩබැස්වීමට සුදානම් වූ සී ප්ලේන් එකක් අද (07) දින දහවල් 12.30ට පමණ අනතුරට ලක්වුනේය.
යානය වැවට ගොඩ බෑමට යන අවස්ථාවේ අනතුරට පත්වන ආකාරය වීඩියෝ ගත කර තිබිණි. ගුවන් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා ජලාශයේ බෝට්ටු සංචාරයේ යෙදෙන පිරිස් විසින් මුදාගෙන තිබුණි.
ගුවන් යානය කඩා වැටීමෙන් එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ.
ගුවන් යානයේ නුවරඑළියට පැමිණ සිටින සංචාරකයින් පිරිසක් රැගෙන යෑමට පැමිණි අවස්ථාවේ දී මෙලෙසෙ අනතුරට ලක්ව ඇතැයි පොලිසිය පැවසීය. ගුවන් යානය අනතුරට ලක්වන ආකාරය පහත දැක්වේ.







