කැබිනට් පත්‍රිකාවක්වත් නැතිව බැසිල් කෙරවලපිටිය ඇමරිකානු සමාගමකට  විකුණන්න යන හැටි අනුර හෙළි කරයි…

මෙවැනි අපරාධයක් වෙන්නෙ ඉතිහාසේ පළමු වරට...

පසුගියදා කැබිනට් මණ්ඩලය සූම් තාක්‍ෂණය ඔස්සේ කැඳවූ  අවස්ථාවේ දී කැබිනට් මණ්ඩලයත් නොමග යවමින් කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් නොකර  මුදල් ඇමති බැසිල් රාජපක්‍ෂගේ වාචික ප්‍රකාශක් මත පදනම්ව  කෙරවලපිටිය බලාගාරයෙන් 40%ක් සහ ගෑස් ගෙන එන නළ පද්ධතියත්, ගෑස් ගබඩා කරන ටර්මිනල් බලාගාරයත් ඇමරිකානු සමාගමකට විකිණීමට තීරණය කර ඇතැයි  ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද මාධ්‍ය හමුවක් කැඳවා හෙළිකරවු කළේය.

මන්ත්‍රීවරයා  ප්‍රකාශ කළේ මෙවැනි ගනුදෙණුවක් ඉතිහාසයේ සිදුවන්නේ ප්‍රථම වරට බවත් කැබිනට් පත්‍රිකාවක් කවදාවත් ඉදිරිපත් නොකර වාචික ප්‍රකශයකින් තීන්දු කර මෙම විකිණීමේ කොන්දේසි, මිල ගණන්, අත්සන් කරන ගිවිසුම ආදී   දේ පිළිබඳ අධිකාරී බලයක් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලබාදී ඇති බවත් කීවේය.

මේ  ගනුදෙනුවට රටක් ලෙස කල්පනා කර එරෙහි වන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය


එහිදී  මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේත් ප්‍රකාශ කළේය.

රටේ ජනතාව කොරෝනා වසංගතයෙන් බැටකන අතර වර්තමාන පාලකයන් ජාතික සම්පත් විශාල ප්‍රමාණයක් විදේශිකයන්ට පැවරීමේ ක්‍රියාමාර්ගවල යෙදී සිටිනවා

ආණ්ඩුව මේ ජාතික සම්පත් විකුණන්නෙ කොවිඩ් වසංගතය හමුවේ  මේ ගැන සංවාදයක් ඇති කිරීමේ හැකියාව රට නැති අවස්ථාවක.

පසුගියදා කැබිනට් මණ්ඩලය සූම් තාක්‍ෂණය ඔස්සේ කැඳවූ අවස්ථාවේ ඊට පෙර ලබා නොදුන් කැබිනට් පත්‍රිකාවක්, එම අවස්ථාවේදී පවා පත්‍රිකාවක් ලෙස ලබා නොදී මුදල් ඇමති බැසිල් රාජපක්‍ෂ වාචිකව ඉදිරිපත් කළ කරුණු අනුව කෙරවලපිටිය බලාගාරයෙන් 40%ක් සහ ගෑස් ගෙන එන නළ පද්ධතියත් ගෑස් ගබඩා කරන ටර්මිනල් බලාගාරයත් ඇමරිකානු සමාගමකට විකුණන්න තීරණය කරලා.

විකිණීමේ කොන්දේසි, මිල ගණන්, අත්සන් කරන ගිවිසුම ආදී සියලු දේ පිළිබඳ අධිකාරී බලයක් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලබාදී තිබෙනවා.

ආර්ථික ගැටලු, කොවිඩ් ව්‍යසනය, සම්බන්ධයෙන් උත්තර ජනතාව අපේක්‍ෂා කරද්දී ඇමරිකානු සමාගමකට කෙරවලපිටිය බලාගාරය පවරා දීමේ අවසන් තීන්දුව ගෙන තිබෙනවා. ඇමතිවරුන්ට කිසිදු අදහසක් ඉදිරිපත් කරන්න ඉඩ නොදී එම පත්‍රිකාව සම්මත කළ බව කාර්ය සටහන්වල සඳහන් කර තිබෙනවා.

මෙම  තීන්දුව වහාම හකුළා ගත යුතුයි.

කැබිනට් පත්‍රිකාවක්වත් නැතිව ලංකාවේ පළවැනි වතාවට මෙහෙම තීන්දුවක් අරන් තිබෙනවා. රටට, ජනතාවට විතරක් නෙවෙයි කැබිනට් මණ්ඩලයටත් මේ තීන්දුව හංගනවා. රටට ඉදිරිපත් කරන්න බැරිනම්, ජනතාවට ඉදිරිපත් කරන්න බැරිනම්, විවෘතව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ඉදිරිපත් කරන්න බැරිනම් ඒ හැම දේකින්ම කියවෙන්නේ මේ ක්‍රියාවලිය ඇතුළේ තිබෙන හොරකමයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙරවලපිටිය බලාගාරය, වරාය ඉඩම්, අපේ  රටේ පෞරාණික දේපළ විකිණීම සඳහා රාජපක්‍ෂ කොන්ත්‍රාත්කරුවන් දරන ප්‍රයත්නය පරාජය කළ යුතුයි. සියලු දෙනාට එය වෙනුවෙන් පෙළගැසෙන ලෙස අපි ආරාධනා කරනවා.

Exit mobile version