කැනඩා පාර්ලිමේන්තුවට ආ කොටි පනත අඩාලයි

කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කියයි

කැනඩාවේ ඔන්ටාරියෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති LTTE ක්‍රියාකාරිත්වය පිළිබඳ පනත් කෙටුම්පතක් නීතියක් බවට පත්වීම වැලැක්වීමට මෙරට රජය හා රජය නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රිකයන් මැදිහත් වී තිබේ.

කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් එම්.කේ. ගිරාගම මහතා පවසන්නේ එම පනත ඔන්ටාරියෝ පාර්ලිමේන්තුවට 2019 මැයි 16 සිට පෞද්ගලික පනතක් ලෙස ඉදිරිපත් වී එහි දෙවන වර කියවීමේදී ඡන්ද 59ක් ලැබී සම්මත වූ බවයි.

මෙම පනත නීතියක් ලෙස සම්මත වීම වැලැක්වීමට මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය, කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්‍යාලය, ටොරන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් කාර්‍යාලය හා කැනඩාවේ ශ්‍රී ලංකා ප්‍රජා හා වෘත්තීය සංවිධාන මැදිහත් වී එරට රජය අඛණ්ඩව දැනුවත් කර ඇති බව ද හෙතෙම අවධාරණය කළේය.


මේ අනුව එය නීතියක් බවට පත්කිරීමට තවත් පියවර ගණනාවක් අවශ්‍ය වන අතර මෙම පනත ඉදිරියට ගෙන යාම මේ වනවිට අඩාල වී ඇති බව ඔහු කියා සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2020 ජූනි මස 02 අඟහරුවාදා දින මෙරට ජාතික පුවත්පතක පළ වූ “කොටි ක්‍රියාකාරිකයාගේ පනත කැනඩා පාර්ලිමේන්තුවේ දී සම්මත වේ” යන සාවද්‍ය පුවත නිවැරදි කිරීම සම්බන්ධයෙන් කැනඩාවේ, ඔටාවාහි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් එම පුවත්පත් සමාගමේ, ප්‍රධාන කර්තෘ වෙත යොමු කරන ලද ලිපියක් මගින් මේ බව පැහැදිලි කර තිබේ.

Exit mobile version