කැනඩා ජනතාව චීනයට සැරවෙන්නයි අගමැතිගෙන් ඉල්ලයි

කැනඩාවේ ඉකුත් දා ප්‍රකාශයට පත්කරන ලද නවතම සමීකරණයක ප්‍රතිඵල වලට අනුව චීනය සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මර්ග ගතයුතු බවට එරට ජනතාව විශ්වාස කරන බවට අනාවරණය විය.

ඒ අනුව කැනඩා ජාතිකයන්ගෙන් අඩකට වඩා එරට අගමැති ජස්ටින් ටෘෘඩෝ වෙත ප්‍රකාශ කර ඇත්තේ චීනය සම්බන්ධයෙන් පවති තත්ත්වයට වඩා දැඩි පියවර ගැනීමට පියවර ගත යුතු බවවයි. එහිදී මැතිවරණ වලට චීන මැදිහත්වීම සම්බන්ධයෙන් කැනඩාව දැඩි මතයක පසුවිය යුතු බවද එහිදී ජනතාව සඳහන් කර තිබේ. මෙහිදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 53ක් පමණ කියා සිටියේ බීජිං පාලනය විසින් කැනේඩියානුවන් දෙදෙනෙකු අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ මැතිවරණ මැදිහත්වීම් පිළිබඳ මාධ්‍ය වාර්තා ඇතුළු මෑත සිදුවීම් මාලාවකින් පසුව කැනඩාවේ ප්‍රතිචාරය “ප්‍රමාණවත් තරම් ශක්තිමත් නොවන” බවටයි.

මේ අතර තවත් සියයට 41ක් ෆෙඩරල් ආන්ඩුවේ ප්‍රතිචාරය “නිවැරදි” බව පැවසූ අතර සියයට 6ක් එය “ඉතා ශක්තිමත්” බව පැවසූ බව අන්තර්ජාල මත විමසුම පෙන්නුම් කරයි.


පෙබරවාරි 23 සිට පෙබරවාරි 25 දක්වා කැනේඩියානු වැඩිහිටියන් 1,622 ක් යොදාගෙන මෙම සමීක්ෂණය කළ ආයතනයේ සභාපති ෂාචි කුර්ල් පැවසුවේ “කැනේඩියානුවන් තම රජය මෙය බැරෑරුම් ලෙස සලකනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මැතිවරණයට ඇඟිලි ගැසීමට චීන ජාතිකයන් උත්සාහ කළ බව අග්‍රාමාත්‍ය ටෘඩෝ පිළිගෙන ඇති නමුත් 2019 සහ 2021 මැතිවරණ දෙකෙහිම ප්‍රතිඵලය වෙනස් නොවූ බව ඔහු පවසා තිබේ. එම චෝදනා සම්බන්ධයෙන් පුළුල් මහජන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට කරන ලද ඉල්ලීම්වලට ඔහු මෙතෙක් විරුද්ධ වී ඇත.

Exit mobile version