කාලගුණය හරට හිටී…. ගෑස් බෑම නවතී… පෝලිම්වල නොසිට ගෙවල්වලට යන්නැයි ලිට්‍රෝ කියයි!

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පැමිණ ඇති ගෑස් තොගයත්   ගොඩබෑම  සිදුකළ නොහැකි බව ලිට්‍රෝ සමාගම දන්වා සිටී.

මේ වනවිට නෞකාව කොළඹ වරායට ගෙනැවිත් එතැනින් බවුසර මගින් කෙරළවලපිටිය වෙත ගෑස් ප්‍රවාහනය කිරීම සිදුකරමින් ඇති බව ලිට්‍රෝ සමාගම කියයි.

මේ තත්ත්වය තුළ  නැවත දැනුම් දෙනතුරු ගෑස් ලබා ගැනීම සඳහා නොපැමිණෙන ලෙසත් පෝලිම්වල රැඳී නොසිටින ලෙසත් ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් දැනුම් දෙයි.

පසුගිය 12 වැනිදා ගෑස් සැපයුම නැවැත්වූ අවස්ථාවේ සිට  මේ වනවිට රට තුළ ගෑස් ටැංකි ලක්ෂ හතලිහක හඟයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙරට ගෑස් සිලින්ඩර ලක්ෂ 40 ක් හිස්වී ඇති බවත් එය යථා තත්ත්වයට පත් කිරීමට දින 20 ක් පමණ ගතවන බවද අද පාර්ලිමේන්තුවේ දී  විපක්ෂය යොමු කර ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර පැවසුවේය.

Exit mobile version