“අයිතීන් උදෙසා කාන්තාවෝ “ කාන්තා දිනය යෙදුණු අද දින සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණය පැවැත්වුන ස්ථානයේ විශාල කාන්තා නිලධාරීන් පිරිසක් සහිතව මහා පොලිස් සහ කැරළි මර්ධන හමුදාවක් යොදවා තිබිණි.
මෙම උද්ඝෝෂණය පැවැත්වුනේ බඩු මිලට සහ බදු බරට එරෙහිවත් ඡන්දය කල් දැමීමට විරෝධය පළ කරමිනුත් මෙම උද්ඝෝෂණය පැවැතුවූයේ බත්තරමුල්ල පොල්දූව හන්දියේදීය.
උද්ඝෝෂණ භූමියේ දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ජල ප්රහාරක රථ ද ස්ථාන ගත කර තිබිණි.