ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සේවකයන් හය දෙනෙකු එකවර කොවිඩ් ආසාදිතයන් බවට පත් වීම නිසා අද (24) සවස සිට ආයතනය වසා විෂබීජහරණය කරන්නට යෙදුනු බව වාර්තා වේ.
මේ හේතුවෙන් අංශ ප්රධානින් පමණක් හෙට සේවයට වාර්තා කරන ලෙසත් සෙසු සේවකයන් නැවත දන්වන තුරු නිවෙස් වල සිට සේවයේ යෙදෙන ලෙසත් දන්වා ඇත.
මීට පෙරද සේවකයන් කිහිප දෙනෙකු ආසාදිත වීම හේතුවෙන් මෙවැනිම තත්ත්වයක් ඇති විය.
මීට දින කිහිපයකට පෙර නවලෝක රෝහලෙන් පැමිණ එහි සේවකයන් සියලු දෙනාගේ ඇන්ටිජන් පරීක්ෂාවක් සිදුකර ඇතැයිද වාර්තා වේ.
එහෙත් තරගවලට සහභාගිවන ක්රීඩකයන්ගේ පීසීආර් පරීක්ෂණ දැන් සිදු කරනු ලබන්නේ ජයවර්ධන රෝහල මගිනි.