අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයකදී වෙඩි තබා ඝාතනය කළ ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ නිරුවත් සිරුරේ ඡායාරූප සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැරීම සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණයට සහභාගි වූ වෛද්‍ය සිසුන් වගකිව යුතු බව අතුරුගිරිය පොලිසිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට සඳුදා දන්වා සිටියේය.
සදාචාරාත්මක නොවන මෙම ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් හෝමාගම මූලික රෝහලේ පුද්ගලයන් 30 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති බව ද පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණි.
ඔවුන්ගේ විමර්ශනයේ දී ඝාතන සිද්ධියට සම්බන්ධ වීඩියෝ දර්ශන, සාක්ෂි සහ වාර්තා ප්‍රචාරය වීම පිළිබඳව මෙම සිද්ධිය වාර්තා කිරීමට කටයුතු කළ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.







