කළුබෝවිල රෝහලේ නොසැලකිල්ලෙන් වටේ යවන කොවඩ් මරණ

කළුබෝවිල රෝහලේ මෘත ශරීර ඒවා අයිතිකරුවන්ට භාර දීම සිදු කෙරෙනුයේ ඉතාමත් අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් ආකාරයට බව වාර්තාවේ.

පසුගියදා කොවිඩ් වලින් මිය ගිය අයකුගේ මෘත දේහයක් නෑයන් හට බාර දී ඇත්තේ නිසි පරිදි PCR පරීක්ෂණයකින් තොරවය.
ඔවුන් එය නිවෙසට රැගෙන ගොස් අවසන් කටයුතු කිරීමට සූදානම් වද්දී පැමිණ මෘත දේහය ආපසු ගෙන ගොස් තිබේ. ඒ වන විට සිය ගණනකට මෘත දේහය විවෘත වී අවසන් බැවින් ආශ්‍රිතයන් හා ආසාදිතයන් කොපමණක් ඇද්දැයි සැක පහළ වී තිබේ.

මේ අතර ඇතැම් මෘත දේහ PCR පරීක්ෂණ කරන තෙක් දින ගණනක් තබා ගන්නා නිසා යම් විදියකින් කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වුවොත් ඒ වන විට මෘත ශරීරය ආශ්‍රිත නෑයන් කී දෙනෙකු නොදැනම ආසාදිතයන් බවට පත් වනු ඇතැයි ඔවුන් බියෙන් පසු වන බව වාර්තා වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නොබෝදා අමාත්‍ය චන්න ජයසුමන මහතා මාධ්‍ය පිරිවරා පැමිණ සියලු කටයුතු නිසි පරිදි සිදුවන බව පැවසුවේ මෙම රෝහලේදී වීම විශේෂත්වයකි.

Exit mobile version