කළුතර මියගිය දැරිය කලබලයට පත් කළ බව කියන අවසන් ඇමතුම ඇය සමග පැමිණි යෙහෙළියගෙන් ද?. විමර්ශකයින් දුරකථනය සොයා ගන්න නාවික හමුදා සහාය පතයි!

ප්‍රධාන සැකකරුගේ පාපොච්ඡාරණයට විමර්ශකයින්ගේ අවධානය... සැකකරුගේ ප්‍රකාශයේ සත්‍යතාවය සෙවීමටත් විමර්ශන ඇරඹෙයි...

කළුතර   ලැගුම්හලක පස් වැනි මහළෙන් ඇදවැටී මිය ගිය 16 හැවිරිදි පාසල් දැරියගේ ජංගම දුරකථනය සොයා ගැනීම සඳහා  නාවික හමුදාවේ සහය ලබා ගැනීමට  පොලිස් විමර්ශන අංශ තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ දැරියගේ ජංගම දුරකථනයට පැමිණි අවසන් ඇමතුම සම්බන්ධව ප්‍රධාන සැකකරු කරන ලද ප්‍රකාශයක් ඔස්සේ කරන විමර්ශනය සඳහාය.

අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව දැරිය දූෂණය වී නැති බව තහවුරු වී තිබීමත් ප්‍රධාන සැකකරු කිසිම ලිංගික කාර්යයක් දැරිය සමග නොකළ බව ප්‍රකාශ කිරීමත් සමග ඔහු කරන පාපොච්චාරණය සම්බන්ධව විමර්ශන අංශවල වැඩි අවධානයක් යොමු වී ඇත.

ප්‍රධාන සැකකරු පවසා ඇත්තේ මෙම දැරිය මින් පෙර කිසිම කලක තමන් දැක නැති බවය. “තැනකුත් තියනවා, කෙල්ලෙකුත් ඉන්නවා පොඩි චූන් එකක් ගනිමු” ලෙස මෙම සැකකරුට ආරාධනා කර ඇත්තේ දැරිය නිවසට ගොස් රැගෙන පැමිණි කළුතර විද්‍යාලයේම 19  හැවිරිදි තරුණියගේ පෙම්වතා බව සැකකරු පවසා ඇත.


ඒ අනුව මෙම අවස්ථාව ලබා ගැනීමට පැමිණි බවත් ඔහු එන විට විදේශීය මත්පැන් බෝතලයක් ගෙන ආ බවත් සැකකරු පවසා තිබේ. කලින් දැරිය හමුවූ පසු නිවසට ගොස් මවට කියා එන බව දැන්වා ඇයත් යෙහෙළියත් ගිය බවත් පසුව සිව් දෙනාම ඔහුගේ මෝටර් රථයෙන් හෝටලය වෙත ගිය බවත් සැකකරු පවසා ඇත.

සිවු දෙනාම එකට හිඳ මත්පැන් පානය කර ඉතාම සතුටින් දැරිය තමන් සමග සිටිය බවත් ඇය නිරුවතින් රංගනයක යෙදුන බවත් ඔහු කියා තිබේ.

කෙසේ වෙතත් මේ අතර ඇයට දුරකථන ඇමතුමක් ලැබුණු බව සැකකරු කියා ඇත. එම දුරකථන ඇමතුමේ බ්ලැක්මේල් කිරීමක ස්වරූපයක් තිබුණේ යැයි හැඟුන බවත් ඒ ඇමතුමත් සමග දැරිය සම්පූර්ණයෙන් වියරු වැටී “කැත වැඩ කරන්න එපා යකෝ “ යැයි පවසමින් කාමරයේ ජනෙල් පියන් දෙක විවෘත කර නිරුවතින්ම ජනේලයෙන් පිටතට පැන්න බවත් සැකකරු පවසා ඇත.

තමන් හෝටලයෙන් පිටව ගියේ ඉන් අනතුරුව බවත් පිටවී යෑමට පෙර තරුණ යුවලේ තරුණයාට ඇමතුමක් දුන් බවත් ඔහු පවසා ඇත.

විමර්ශනවලින් හෙළි වී ඇත්තේ ඒ ඇමතුම අනුව මිටර් 400ක් පමණ දුරක්  පා ගමනින් පැමිණි මෙම යුවල නිරුවත් මළ සිරුර පසෙකට ඇද දමා දුරකථනය ගෙන අසල කලපුවට විසි කර ඇවිදගෙන ගොස් ඇති බවය.

බොහෝ විට අවසන් ඇමතුම ලබා දුන්නේ මේ යුවලගෙන් කෙනෙකු විය හැකි බවට විමර්ශන අංශ සැක පල කරයි.

එමෙන්ම මේ ප්‍රකාශය සැලසුම් කළ එකක් විය හැකි බවට ද පොලිසිය සැක පහළ කරයි.  පැය 48ක රැඳවුම් නියෝග ලබාගෙන ඇත්තේ ඒ සැකය ඔස්සේ තවදුරටත් විමර්ශන කිරීමට බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපරාධ විමර්ශන අංශ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version