කළුතර පාසල් සිසුවිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් රිමාන්ඩ්!

සුමිත් පොතුපිටිය – 

කළුතර නගරයේ ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්දයෙන් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවක්  මැයි 15 තෙක්  රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය  නියෝග කලාය.

කළුතර, කටුකුරුන්ද ගාලුපාරේ පදිංචි වඩුගේ ඉනෝකා කුමාරී යන අය මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලදී.

දකුණු කළුතර, ප්‍රධාන වීදිය, අංක 402 ලිපිනයේ පිහිටී සිසිලියන් වෝක් හෝටලය පිටුපස රේල්පාරේ වැටී මියගොස් සිටී සොයාගන්නා ලද කළුතර, නාගොඩ , “සැනසුම” අංක 115 නිවසේ පදිංචිව සිටී ටිහාරා නිර්මානි නිශ්සංක සිල්වා දැරිය එදින ලැගුම්හලට ඇතුළුවන මොහොතේ පිළිගැනීමේ නිළධාරීනිය ලෙස සැකකාරිය කටයුතු කර ඇති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.

සැකකාර කාන්තාව එදින අදාල හෝටලයේ පිළිගැනීමේ නිලධාරීනිය ලෙස කටයුතු කරමින් මියගොස් ඇති දැරියගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමකින් තොරව වෙනත් වැඩිහිටි තරුණියකගේ හැදුනුම්පතක් ලබාගෙන දැරියට ලිංගික කටයුතු සදහා පරිශ්‍රය ලබාදීම සම්බන්දයෙන් චෝදනා නගාතිබුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උප පොලිස් පරීක්ෂක කේ.එන්.ඒ.ජි.ඩී. බණ්ඩාර සහ සැරයන් ජගත් සිරිවර්ධන (41055) අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.නඩුව ලබන මැයි 15 දා යලි කැදවීමට නියමිතය.

Exit mobile version