කළුතර දැරියගේ මරණය සම්බන්ධ ප්‍රධාන සැකකරු අරගලයේ සාමාජිකයෙක් නොවෙයි… පොහොට්ටු හිතවතෙක්….

කළුතර දැරියගේ මරණය සම්බන්ධ ප්‍රධාන සැකකරු අරගලයේ කළුතර දිස්ත්‍රික් සංවිධායකවරයා නොව, කළුතර දිස්ත්‍රික්කයේ පොහොට්ටු ප්‍රබලයෙකුගේ සමීපතමයෙක් බව විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.

දැරියගේ මරණය සම්බන්ධව අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරුවා වාහන සීස් කරන ධනුෂ්ක ගයාන් සහබන්දු  නැමැති  පුද්ගලයෙකි. ඔහු අරගලයට කිසිම සම්බන්ධයක් නැති අයෙක් බවත් ඔහුගේ හැඩ රුව ඇති  වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් මෙන්ම කලාකරුවෙක් වූ ශාලික රුක්ෂාන් සේනාධීරගේ ඡායාරූපයක් සහිත  පෝස්ටුවක් සදා යම් සංවිධානාත්මක කණ්ඩායමක් එය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බෙදා හැර ඇති බව පෙනී ගොස් ඇත. අරගලය වකවානුවේ කැපී පෙනෙන  ආකාරයේ රංග කලා ප්‍රකාශනයන් සිදුකළ ප්‍රමුඛයින් අතර ඔහු විය.

ප්‍රචාරය කළ පෝස්ටුව…

කෙසේ වෙතත් මේ සම්බන්ධය මතුවන්නට පෙර මෙම සැකකරු අරගලයේ කළුතර ප්‍රධාන සංවිධායකයා බව ප්‍රකාශ කිරීමට පොහොට්ටු හිතවාදීන් කටයුතු කර ඇත්තේ ඔහුගේ හැඩරුවට සමාන අරගලයේ සිටි වෙනත් තරුණයෙකුගේ ඡායාරූප පලකරමිනි.

දැරියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු – ධනුෂ්ක ගයාන් සහබන්දු
වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් මෙන්ම කලාකරුවෙක් වූ ශාලික රුක්ෂාන් සේනාධීර

ශාලික රුක්ෂාන් සේනාධීර අරගලයේ දී ඉදිරිපත් කළ අමතක නොවන රූපණයක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් පොදු ජන එක්සත් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් සංවිධායක රෝහිත අබේගුණවර්ධන ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ මෙම ප්‍රධාන සැකකරු අරගලයේ සිටි කළුතර දිස්ත්‍රික් සංවිධායකයා බවත් ඔහුට දිට්ඨදම්මවේදනීය කර්මය පල දි ඇති බවත්ය.

Exit mobile version