කවුරු කෘෂිකර්ම පර්යේෂණ කළත් මෙහෙයවීම හා අධීක්ෂණය අමාත්‍යාංශය යටතට ගන්න… කෘෂිකර්ම ඇමති ලේකම්ට උපදෙස් දෙයි…

(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම ක්ෂෙත්‍රයේ කෙරෙන පර්යේෂණ  කුමන ආයතනයකින් කළ  ඒවා මෙහෙයවීම හා අධීක්ෂණය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනයකින් සිදු විය යුතු බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ අද (28) ප්‍රකාශ කළේය.

කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල සියලු පර්යේෂණ එක් මධ්‍යස්ථානයකින් අධීක්ෂණය කරන යාන්ත්‍රණයක් වහාම ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහට අද ඇමතිවරයා උපදෙස් දී තිබේ.

සියළුම පර්යේෂණ රජයේ ප්‍රතිපත්තිවලට හා කාලීන අවශ්‍යතාවලට අනුව සිදුවිය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප

Exit mobile version