ශ්‍රියානි විජේසිංහ –
රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකක පිරීගොස් ඇති බැවින් රෝග උත්සන්න වීමට පෙර දරුවන්ව වෛද්‍ය ප්‍රතිකාරයන් සඳහා යොමු කරන්නැයි රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
කවරදාකවත් නැති අන්දමට රෝග උත්සන්න වූ පසුව ළමා රෝගීන් රෝහල්ගත කිරීම මේ දිනවල වර්ධනයක් පෙන්නුම් කරන බවත්, ඔවුන්ගෙන් වැඩිදෙනෙකු දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර කීරීමට සිදුව ඇති බවත් වෛද්‍ය සේනාපති සඳහන් කරයි.
මේ වන විට රෝහලේ පවතින කෘතීම ස්වසන යන්ත්‍ර දැඩිසත්කාර ඒකක ඇදන් 39න් 18ක්ම පිරි ගොස් ඇති අතර එම්අයිසීයූ ඒකකයේ ඇඳන් 12ම පිරීගොස් ඇතැයි හෙතෙම පැවසුවේය.
රෝග උත්සන්න වී රෝහල්ගත කරන දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලයට දැඩි කැපවීමක් සිදුකළ යුතුව ඇතැයිද ඖෂධ හා උපකරණ හිඟය හේතුවෙන් ප්‍රතිකාර ලබා දීම ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇතැයිද ඔහු කීවේය.
ඩෙංගු, ඇදුම , හතිය , වැනි රෝගයන් සහ දියවැඩියාව, වකුගඩු රෝග, හෘදරෝග වැනි නිදන්ගත රෝගයන්ගෙන පෙළෙන දරුවන්ගේ රෝග තත්ත්වය උත්සන්වීමෙන් අනතුරුව රෝහල්ගත කිරීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි ද මෙම දරුවන් බොහෝදෙනෙකුට කෘතීම ස්වසන ලබා දීමට සිදුවීම බරපතල තත්ත්වයක් බව ද නියෝජ්‍ය අධ්යක්ෂවරයා පැවසුවේය.
නිධන්ගත රෝගයන්ගෙන් පෙළෙන දරුවන්ද නිසිවේලාවට ප්‍රතිකාර සදහා යොමු නොකිරීම හා සුළු අසනීපයකදී වෛද්‍ය උපදෙස් ලබා නොගැනීමට දෙමාපියන් දැන් දැන් පෙළඹී ඇතැයිද මෙවැනි තත්ත්වක් උදාවීමට හේතුව ආර්ථික ප්‍රශ්න උග්රවීම විය හැකි බවද වෛද්‍ය සේනාපති මහතා අවධාරණය කරයි.