කලට අස්වනු නෙලා ගැනීමේ ගැටලුවක්… මහවැලි ගොවීන් තවත් අර්බුදයකට…

මනම්පිටිය නිමල් ජයරත්න –   

පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළාගැනීම සඳහා අවශ්‍ය තරම් යන්ත්‍ර සූත්‍ර නොමැති කමෙන් ගොවීහු දැඩි අසීරුතාවයට පත්ව සිටිති.

මෙවර ප්‍රමාණවත් තරම්  යන්ත්‍ර සූත්‍ර මඩකලපුව සහ අම්පාර ප්‍රදේශවලින් පොළොන්නරුව දිස්ත්‍රික්කයට නොපැමිණ ඇති අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තිබෙන ගොයම් නෙළන යන්ත්‍ර ප්‍රමාණවත් නොවීම නිසා තමන්ට නිසි කලට වී අස්වනු නෙලීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව මහවැලි බී කලාපයේ  ගොවි සංවිධාන නියෝජිතවරු පෙන්වා දෙති.

මෙම තත්ත්වය මත   වී අස්වනු වර්ෂාවට හසුව ඇති අතර මේ හේතුවෙන් පෞද්ගලික වෙළඳුන් වී කුණු කොල්ලයට ලබා ලබාගැනීමේ ජාවාරමක නිරත වන බවද ගොවි සංවිධාන  පවසයි.

වී අස්වනු නෙලීම සඳහා අක්කරයකට රුපියල්  හතලිස් පන්දාහක මුදලක් ලබා ගන්නා අතර වී අස්වනු නෙලීමේ යන්ත්‍ර හිඟ හේතුවෙන් ඇතැම් යන්ත්‍ර, සූත්‍ර හිමිකරුවන්, 45,000 හා  50,000 වශයෙන් ගොවීන්ගෙන් අය කරන බවද ගොවීහු පවසති.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවර මහ කන්නයේ එකම කාල පරාසයක මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, ප්‍රදේශවල වී අස්වනු නෙලීම හේතුවෙන් මෙම යන්ත්‍ර සූත්‍ර අඩුවීම සහ හිඟවීමට ප්‍රධාන හේතුවක් බවද ගොවීහු කියති.

Exit mobile version