කරාපිටියේ  ළමා අපචාර දොස්තරගේ කුපාඩිකම   රෝහලේ විමර්ශනයෙන් වැහෙන ලකුණු… 

CHILD ABUSE

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි  අනතුරු ඒකකයේ විකිරණ අංශය තුළදි 15 හැවිරිදි දැරියක් බරපතල ලෙස  ලිංගික අපයෝජනය කළ බව කියන වෛද්‍යවරයා සම්බන්ධයෙන් රෝහල මගින්ද පරික්ෂණයක් ආරම්භකොට ඇති බැව්  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය වෛද්‍ය  එස් පි. යු.එම්  රංග   පවසයි.

මේ පිළිබද පොලිසිය මගින් ද  විමර්ශනයක් සිදුකරණ බව සඳහන් කළ රෝහල් අධ්‍යක්ෂකවරයා මෙම සිද්ධිය සම්බන්දව ආයතන මට්ටමින්ද පරික්ෂණයක් ආරම්භකොට ඇති බව කියයි. 

මෙම සිද්ධිය සම්බන්ද පැමිණිල්ල දැරිය නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරයා විසින්  තමන් වෙත යොමුකොට ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.

දැරිය ස්කෑන් පරික්ෂණයට ලක්කරන අවස්ථාවේ දි එහි රෝහල් උපස්ථායිකාවක් ද සිට ඇති බවත් එවැනි සිද්ධියක් සිදුවී නොමැති බවට එම උපස්ථායිකාව සඳහන්කොට ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි. 


මෙම දැරියගේ මව විසින්  මෙම සිද්ධිය සම්බන්දව ගාල්ල පොලිසියේ ළමා හා කාන්තාකාර්යංශය වෙත කරණු ලැබු පැමිණිල්ලකට අනුව අදාල  වෛද්‍යවරයා සම්බන්දයෙන්  විමර්ශනය ආරම්භකොට ඇත. 

මෙම දැරිය  රෝගි තත්වයකට ප්‍රථිකාර ගැනීම සදහා  මවත් සමග ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව නේවාසික ප්‍රථිකාර ලබාගෙන සිට ඇත. ඉකුත් 08 වැනිදින දැරිය ස්කෑන් පරික්ෂණයක් සඳහා  විකිරණ අංශය වෙත ගොස් ඇත.  ස්කෑන් පරික්ෂණය සිදුකිරිමේ දී එහි සිටි සැකකාර  වෛද්‍යවරයා විසින් මෙම දැරිය බරපතල ලෙස ලිංගිකව අපයෝජනයට ලක්කොට ඇති බව පොලිසිය පවසයි.

ස්කෑන් පරික්ෂණයෙන් පසු දැරිය නේවාසිකව සිටින වාට්ටුවට ගොස් ඇත. තමන්ගේ රහස් ප්‍රදේශය රිදෙන බව දැරිය තම මවට ප්‍රකාශකොට ඇත. ඒ පිළිබද මව දැරියගෙන් විමසා ඇත. දැරිය මවට  සියල්ල ප්‍රකාශකොට ඇත. 

පසුව  මේ පිළිබඳ රෝහලේ වාට්ටුවේ සිටි ප්‍රධාන වෛද්‍යවරයාටද  පැමිණිලි කර ඇත. පසුව මේ පිළිබද මව දැරියත් සමග පැමිණ ගාල්ල පොලිසියේ ළමා හා කාන්තාකාර්යංශය වෙත පැමිණිලිකොට ඇත. දැරියගෙන් මේ සිද්ධිය සම්බන්ධව පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. 

සිද්ධියට සම්බන්දබව කියන සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනිම සඳහා පරික්ෂණ පවත්වන බව ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාපතිද සිල්වා පවසයි. නමුත් සිද්ධිය සිදුවී දින තුනක් ගතවනතුරුත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වි නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චූදිත වෛද්‍යවරයා මේ වනවිට සැඟවී සිටින බවත් අපචාර සිද්ධිය සම්බන්ධව වෛද්‍යවරයාගේ සම්බන්ධය පිළිබඳව වසන් කිරීම  සඳහා බලපෑම් එල්ලවෙමින් ඇති බවත් වාර්තා වෙමින් ඇත.

Exit mobile version