කරන්නාගොඩගේ අධි චෝදනා ඉවත් කිරීමේ නීතිපති තීරණයට එරෙහි රිට් පෙත්සම සලකා බැලේ!

Wasantha-Karannagoda

දෙරණ –

වර්ෂ 2008 දී පුද්ගලයින් 11 දෙනෙක් පැහැරගෙන ගොස් ඝාතනයය කිරීමේ සිද්ධියට අදාල නඩුවේ එක් චෝදනා ලාභියෙක් වූ හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අධි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනුකර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 29 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

එම පෙත්සම අද (15) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොලගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබීය.


එහිදී විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළේ, එම පෙත්සම සලකා බැලීම සඳහා වගඋත්තරකාර නීතිපතිවරයා සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසය.

අතුරුදන් වූ තරුණයකුගේ මවක් වන සරෝජා ගෝවින්දසාමි නාගනාදන් ඇතුළු අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් විසින් පෙත්සම ගොනුකර තිබේ.

පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ 2008 වසරේ කෙළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති,අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා සාමාජිකයින් 14 දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විසින් නඩු පැවරූ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නඩුව විභාග වෙමින් තිබියදී එහි විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින වසන්ත කරන්නාගොඩට එරෙහි අධිචෝදනා ඉවත්කරගැනීමට නීතිපතිවරයා තීරණය කිරීම යූක්ති සහගත නොවන බව පෙත්සම්කරුවන් චෝදනා කළහ.

Exit mobile version