කම්කරුවන්ට අවුරුදු උත්සවයක් කළ නුවරඑළිය නගරාධිපති කොවිඩ් නීති කඩලා!

කමිටුව ලිඛිතව දන්වයි... බක්මහ උළෙලට වියදම්කළ අයුරුත් හොයයි..

නුවරඑළිය නගරාධිපතිවරයා වූ චන්දනලාල් කරුනාරත්න මූලිකත්වයෙන් නුවරඑළිය නගරසභාව  විසින් එහි කම්කරුවන් ඇතුළු සේවක පිරිස වෙනුවෙන් සංවිධානය කරන ලද බක්මහ උළෙල  සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් පවත්වා ඇතැයි ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට පත්කළ කමිටුව විසින් මධ්‍යමපළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ වෙත ලිඛිතව දන්වා තිබේ.

ඒ අනුව මෙම අවුරුදු උත්සවය සඳහා මුදල් ලැබුණු ආකාරය, ලැබුණු වෙනත් ප්‍රදානයන් ගැන විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට  කටයුතු යොදන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ආරංචි මාර්ග පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට අමතරව නගාරාධිපතිවරයාගේ පුද්ගලික ගිණුම් සම්බන්ධව ද පරීක්ෂා කිරීමට උපදෙස් ලැබී තිබේ.


Exit mobile version