කබ්‍රාල්ගෙන් හිස් වූ මන්ත්‍රී ධුරය ජයන්ත කැටගොඩට…

මහබැංකු අධිපති ධුරය සඳහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්   සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධූරයට බැසිල් රාජපක්ෂ වෙනුවේන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ   පත්කිරීමට තීරණය

කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්   පවසයි.

අජිත් නිවාඩ් කබ්‍රාල් ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත් වී සිටියේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජයන්ත කැටගොඩ   ආණ්ඩුව ආරම්භයේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.  නමුත්  බැසිල් රාජපක්‍ෂ ට පාර්ලිමේන්තුවට පිවිසීමට මීට මාසයකට පමණ පෙර ඔහු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.

Exit mobile version