කබ්‍රාල් වෘත්තීය ගෞරවය අයාලේ යවලා… වරලත් ගණකාධීවරු විධිමත් පරීක්ෂණයක් ඉල්ලති!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ ක්‍රියා කළාපය සම්බන්ධනේ වරලත් ගණකාධිකාරීවරුන් අතර දැඩි අප්‍රසාදයක් මතුව ඇති බවත් ඔහුගේ සම්බන්ධනේ විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවටත් මතයක් මතුව ඇති බවට වාර්තා වේ.

ඒ අනුව වෘත්තීයෙන් වරලත් ගණකාධිකාරීවරයකු වන හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරට තුළ ආර්ථික අර්බුදයක් ඇති වීමට හේතු පාදක වන තීන්දු තීරණ ගැනීම වරලත් ගණකාධිකාරීවරුන්ගේ වෘත්තීය ගරුත්වයටද හානියක් ඇතිව ඇති බවට කතිකාවක් නිර්මාණය වී ඇති බවටද සඳහන්ය.

මෙම තත්ත්වය හමුවේ සිය වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගැනීමට කඩිනමින් පරීක්ෂණයක් පවත්වා හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව පියවර ගත යුතු බවට වරලාත් ගණකාධිකාරී ආයතනයේ ඉහළ පෙළේ සාමාජිකයින් මේවන විටත් සාකච්ඡා කර ඇති බවටද වාර්තාවේ.

විනිමය අනුපාත ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට විදේශ සංචිත යොදා ගැනීමත්, සංචිත හිඟව පවතින අවස්ථාවකදී ඇමරිකානු ඩොලර් මිලියන පන්සීයක ස්වෛරීත්ව බැදුම්කර සඳහා ගෙවීම් කිරීමට හිටපු මහ බැංකු අධිපතිවරයා ක්‍රියා කිරීමත් දැඩි දෝෂාරෝපණයට ලක්ව ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තීරණ හේතුවෙන් මෙරටට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට තිබූ විදේශ සංචිත හිඟවූ බවටද වාර්තා වන අතර මීට පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයේ කටයුතු කරන විට මහ බැංකු අධිපතිව සිටියදී ග්‍රීක බැඳුම්කරවල අයෝජනයෙන්ද ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුවිය.

Exit mobile version