කබ්‍රාල්ගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ වෙයි….

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ විදෙස් ගමන් තහනම ලබන ඔක්තොම්බර් මස 26 වැනිදා තෙක් දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (25) නියෝග කෙළේය.

බැඳුම්කර වංචාවක් සිදුකලැයි කියන සිද්ධිය සම්බන්ධයක් ඔහුට  විදෙස් ගමන් තහනමක් පැනවී තිබිණි.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය යළි අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී  අධිකරණය මෙම නියෝගය දෙනු ලැබුවේය.

බැඳුම්කර වංචා සිද්ධියට අදාළව පෞද්ගලික පැමිණිල්ලක් අධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලැබ තිබුණේ දකුණු හා මධ්‍යම පළාත් වල ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ රාජගිරිය පදිංචි රජිත් කීර්ති තෙන්නකෝන්   විසිනි.


 

දිවුරුම් ප්‍රකාශයක් මගින් කරුණු දක්වමින් පැමිණිලිකරු  අධිකරණයට දැනුම් දෙනු ලැබ තිබුණේ, හිටපු මහ බැංකු අධිපති වන අජිත් නිවාඩ් කබ්රාල් යන අය සාපරාධි විස්වාසය කඩ කිරීම, බැංකු කරුවෙකු විසින් සිදු කරණු ලබන සාපරාධි විස්වාසය කඩ කිරීම, මුදල් වංක ලෙස හා සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, 1937 අංක 07 දරණ (සංශෝධිත) ආඥා පනතේ අංක 56 (අ) (1) (අ) යටතේ වරදක් සිදු කර ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිටපු මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය

Exit mobile version