අද (03) උදෑසන කඳාන පොදු වෙළෙඳපොළ ආසන්නයේ මෝටර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඉන් එක් පුද්ගලයෙක් ඝාතනය කර තිබේ . වෙඩික්කරුවන් පලා ගොස් ඇත.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනාම තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර කළ අතර රොහලේ දී එක් පුද්ගලයෙක් මිය ගොස් ඇත.
සිදුවීම පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකය.







