කන්දකාඩුවලින් කොවිඩ්-19 ආසාදිතයින් 57ක් අලුතෙන් හඳුනාගැනේ

අද දිනය තුළ covid 19 වෛරසය ආසාදිතයින් 57 දෙනකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි .

ඉන් 56 දෙනෙකු කන්දකාඩු ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍ය ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අය වේ.

වෛරසය ආසාදිත අනෙක් කාන්තාව මාරවිල ප්‍රදේශයේ අයෙකු වන අතර ඇයද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි උපදේශිකාවක් ලෙස සේවය කරන තැනැත්තියකි.


මෙම වෛරසය ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ covid 19 ආසාදිතයකු පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ දී හඳුනා ගැනීමත් සමඟයි.

ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර යැවූ අයෙකි.

මේ බව අනාවරණය වීමත් සමඟ කන්දකාඩු පුනරුත්ථාපන මධ්යස්ථානයේ රැඳවූවන් සහ කාර්ය මණ්ඩලය 450කට ආසන්න පිරිසක් PCR පරීක්ෂණයට ලක් කර තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සහ වැලිකඩ බන්ධනාගාරයේ සියලුම දෙනා PCR පරීක්ෂාවට සහ නිරෝධායන කටයුතුවලට යොමු කර ඇත.

Exit mobile version