ලෝකයේම කන්ටේනර් හිඟයක් – අපනයනවලට බාධා

ගෝලීයව පවතින බහුවිධ සැපයුම් බාධා හේතුවෙන් මෙරට තුළ කන්ටේනර් හිඟයක් මතුව ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

කොළඹ වරායේ කන්ටේනර් හිඟය හේතුවෙන් අපනයනකරුවන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව අපනයන සංවර්ධන මණ්ඩල සභාපති සුරේෂ් ද මෙල් මහතා සඳහහන් කළේය.

ඔහුු මේ බව කියාසිටියේ ‘කොවිඩ් බලපෑමට ලක්වූ ශ්‍රී ලංකාවේ අපනයනය සඳහා වන මුලෝපායික මැදිහත්වීම: බාධක ජයගන්නේ කෙසේද?’ යන තේමාවෙන් මාර්ගගත ක්‍රමයට පැවැත්වූ සංසදයේ දී ය.


බැංකු අධ්‍යයන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම සංසදය පසුගියදා පැවැත්විණ.

ආණ්ඩුව විසින් ආනයනය සීමා කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හේතුවෛන් මෙරටට භාණ්ඩ එන කන්ටේනර් ද ඇතුළු වීම නැවතී ඇති නිසා එමගින් මෙම තත්ත්වය පැන නැගී තිබේ.

‘ආනයන අඩු කිරීම බහාලුම් ලබා ගැනීමට සෘජුවම බලපා ඇත. මෙය නැව්ගත කෙරෙන භාණ්ඩ අපනයනය දුෂ්කර වී ඇත.’ යනුවෙන් ද මෙල් මහතා පැවසීය.

පොදුවේ ගත් කල, බහාලුම් සංඛ්‍යාව අතින් පිටතට ගලා යන ප්‍රමාණය සහ රට තුළට පැමිණෙන සංඛ්‍යාව අතර අසමතුලිතතාවයක් ශ්‍රී ලංකාවේ ඇති බව ඔහු පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ තිබියදී COVID-19 වසංගතයේ අහිතකර බලපෑමක් ලෙස වර්තමානයේ බහාලුම් හිඟය තවදුරටත් උත්සන්න වී තිබේ.

Exit mobile version