කන්කසන්තුරේ සිමෙන්ති කම්හලෙන් පස් වැනි වතාවටත් යකඩ තොගයක් හොරකම් කරලා..

මුළු අලාභය කෝටි 22ක්....

දිනසේන රතුගමගේ

පස් වෙනි වතාවටත් යාපනය කන්කසන්තුරේ පැරණි සිමෙන්ති කම්හලෙන් යකඩ හොරකම් කළ පුද්ගලයන් හත් දෙනෙකු කන්කසන්තුරේ පොලිසිය විසින් 11 දා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයන් හත් දෙනාම යාපනයේ පැරණි සිමෙන්ති කම්හලට නුදුරින් පිහිටි ගම්මාන දෙකක පදිංචිකරුවන් බව පොලිසිය ප්‍රකාශ කළේය.

මොවුන් විසින් හොරකම් කරන ලද යකඩ මෙට්‍රික් ටොන් එකකට වඩා වැඩි ප්‍රමාණයක්ද සොයා ගෙන තිබේ.

මීට පෙර අවස්ථා හතරකදී සාමාන්‍ය පුද්ගලයන් විසින් සාමාන්‍ය ප්‍රමාණවලින් යකඩ මෙට්‍රික් ටොන් පහලොවක් පමණද ඉතා සංවිධානාත්මක  පිරිසක් යකඩ මෙට්‍රික් ටොන් දස දහසක් පමණද හොරකම් කොට තිබේ.


මේ දිනවල වෙළෙඳපොළ වටිනාකම අනුව යාපනයෙන්ම යකඩ කිලෝවක් රුපියල් 100 බැගින් අලෙවි කිරීමට හැකියාව ලැබී තිබීමත්   එම සිමෙන්ති කම්හලට සපයා ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොවීම නිසාත් කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ වසා දමා ඇති කොටසේ යකඩ හොරකම් කිරීම වැඩි වී තිබේ.

මේ නිසා සිමෙන්ති සමාගමට සිදුව ඇති අලාභය  රුපියල් කෝටි 22 කට වඩා වැඩි  බව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති ජගත් ධර්මප්‍රිය ප්‍රකාශ කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවර කන්කසන්තුරේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

Exit mobile version