කටුනායක කොවිඩ් පොකුරක් හැදෙන ලකුණු…. තවත් ආසාදිතයන් 05ක් හමුවේ…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෙන් මේ වනවිට හමු වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 72ක් බව ආයෝජන මණ්ඩල ආරංචි මාර්ග තහවුරු කරයි.
අලුතින් වාර්තා වී අති ආසාදිතයන් ඒටීජී ඔක්‍යුපේෂන්, යූපීටී, ඩයල්ටෙක්ස්, ස්මාර්ට් ෂර්ට්, සහ නෙක්ස්ට් කර්මාන්ත ශාලාවල සේවය කරන සේවකයන්ය.  මේ සෑම කම්හලකින්ම එක් ආසාදිතයෙක් බැගින් ඊයේ (13) සවස් වනවිට නව ආසාදිතයන් 05 දෙනෙක් වාර්තා වී තිබේ.
ඊයේ 13) දහවල් වන විට නෙක්ස්ට් ආයතනයේ කාර්ය මණ්ඩලය 28ක් ද, චීෆ් වේ ආයතනයේ කාර්යමණ්ලයේ  36ක් ද, නයිගි කාර්ය මණ්ඩලයේ 2ක් ද, ඔකායා, බ්‍රාටෙක්ස්,  ආයතන කාර්ය මණ්ඩලයේ එක් සේවකයෙක් බැගින් ද වූ  ආසාදිතයන් 67ක් වාර්තා වී තිබිණි.

Exit mobile version