කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ ඇති නෙක්ස්ට් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් සේවක සේවිකාවන් 39 දෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව අද සිදු කෙරුණු පී.සී ආර් පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. මේ අනුව මේ වනවිට එම කර්මාන්ත ශාලාවෙන් ආසාදිතයන් 63 දෙනකු වාර්තා වීමත් සමඟ ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 111ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආයෝජන මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සේවකයන්ගේ සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් දිගින් දිගටම සොයා බැලෙන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනකු පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කිරීම සඳහා මේ වනවිට කටයුතු යෙදී තිබේ. මේ වනවිට කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා 09ක කොවිඩ් ආසාදිතයන් වාර්තා වී ඇත. ඒ අනුව නෙක්ස්ට් කර්මාන්ත ශාලාවේ 63ක්, චීප් වේ කර්මාන්ත ශාලාව් 36ක්,නයිගයි කර්මාන්ත ශාලාවේ දෙදෙනකු වන අතර ඔකායා,බ්රාටෙක්ස්, ඩයල්ටෙක්ස්, ස්මාර්ට් ෂර්ට්ස්, ඒටීජී ඔකියුපේෂන්ස් සහ යූටීපී යන ආයතනවල ආසාදිතයින් එක බැගින් වාර්තා විය.
මේ වනවිට හෙට උදෑසන 5.00 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇතත් කලාපයේ සේවක සේවිකාවන්ට තම හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කර සේවයට වාර්තාප කළ හැකි බව නිවේදනය කර තිබේ. කෙසේ වුවදආයෝජන මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළේ කලාපයේ සේවක වාර්තා කිරීම ඉතා අඩු ත්තත්වයක පැවති බවය.