දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ චෙන්නායි සිට යාපනයට ගුවන් මගින් පැමිණි කාන්තාවක් විසින් සගවා ගෙන සිටි ග්‍රෑම් 100.22 ක් බර රත්තරන් කරල් දෙකක් රේගුව විසින් ඊයේ ( 22 ) අත් අඩංගුවට ගෙන තිබේ.
රත්තරනින් කරල් වශයෙන් නිපදවන ලද මෙම රත්තරන් කරල් දෙකේ වටිනාකම රුපියල් ලක්ෂ 35 ක් පමණ වන බවට ගණන් බලා ඇත.
මෙම සැකකාරිය කොළඹ 14 පදිංචි වයස අවුරුදු 41 ක කාන්තාවක් වන අතර ඇය කටුනායකින් රත්තරන් කරල් රැගෙන පැමිණීමේදී නිලධාරීන්ට හසුවනු ඇතැයි යන බිය මත යාපනයට පැමිණ තිබේ.
එහෙත් රේගු නිලධාරීන්ට මෙම කාන්තාව පිළිබදව සැක සිතී ඇයව පරීක්ෂා කිරීමේදී ඇය විසින් සඟවා ගෙන රැගෙන එන ලද රත්තරන් කරල් දෙක හමුවී ඇත.
රේගු නිලධාරීන් විසින් ඇයව මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔක්තෝබර් මස 6 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස නියෝග කොට ඇත.







