කච්චතිව් කොල්ලකන්න එන  තමිල්නාඩු මහ ඇමතිට වීරෝධය….

STALIN

දිනසේන රතුගමගේ –

තමිල්නාඩු මහ ඇමතිවරයා උතුරේ ජනතාවට ආහාර හා භූමිතෙල් ලබා දී ඒ හරහා කච්චතීව් දූපත කොල්ලකෑමට දරණ උත්සාහයට  උතුරේ සමස්ත ධීවර ප්‍රජාවම විරෝධය පල කරණ බව උතුරු පළාත් ධීවර නායක එස්.අන්නාමලෙයි ඊයේ 28 දා යාපනයේදී පැවසීය.

යාපනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව කියා සිටි ධීවර නායකයා ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රශ්නය කෙරෙහි ඉතා සානුකම්පිතව කටයුතු කරණ අවස්ථාවක තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ඉන් දේශපාලන වාසි ලබා ගැනීමට යාම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද ප්‍රකාශ කළේය.

කච්චතීව් දූපත  ඉන්දියාවට ලබා ගන්නා ලෙස තමිල්නාඩු ප්‍රධාන  අමාත්‍යවරයා මෙතරම් බලපෑම් කරනු ලබන්නේ එම දූපත ඉන්දියාවට හිමි වුවහොත් ඉන්දීය ධීවරයින්ට කෙළින්ම රාමේස්වරන් සිට යාපනය දක්වාම කිසිදු බාධාවකින් හෝ අවහිරයකින් තොරව මසුන් මැරීමට අවස්ථාව හිමි වන නිසා බවද කියා සිටියේය.

ඉන්දීය ධීවරයින්ට එවැනි අවස්ථාවක් ලබා දී තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා මීළග මැතිවරණයේදී විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට අපේක්ෂා කරණ බවට චෝදනා කළ උතුරු පළාත් ප්‍රධාන ධීවර නායක අන්නාමලේ කියා සිටියේ ශ්‍රී ලංකාවේ ජන්තාව ආර්ථික අහේනියකට පත් වූ මේ අවස්ථාවේදී ඔවුන්ට උදව් කොට ශ්‍රී ලංකාව සතු සම්පත් තවත් කොල්ල කෑමට තමිල්නාඩු මහ ඇමතිවරයා ගන්නා උත්සහයට  ධීවරයෝ එක හෙළාම විරුද්ධ වන බවයි.


තමිල්නාඩු මහ ඇමතිවරයා කෑම ලබා දී ජනතාවගේ වකුගඩු ගලවා ගන්නා සේ කරණ මේ ක්‍රියාවට එරෙහිව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යවන බවත්  මෝදි අග්‍රාමාත්‍යවරයා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ඉදිරියේම කළ කතාවේදී හෙළි වූයේ කච්චතීව් දූපත් යළි ලබා ගැනීම කෙරෙහි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තුළ එතරම් කැමත්තක් නොවන බවද උතුරේ ධීවර නායකයා  සදහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් උතුරේ ධීවර ප්‍රජාව කච්චතීව් දූපත ආරක්ෂා කර ගැනීමට දිවි පරදුවට තබා කටයුතු කරණ බවද  අන්නාමලේ ධීවර නායකයා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් කියා සිටියේය.

Exit mobile version