බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධ නියාමන අධිකාරිය දත්ත රැක ගැනීමේ වගකීම කිසිවකුට පවරා නෑ… අධිකරණයේ දී හෙළිවෙයි

by editor
සැප්තැම්බර් 13, 2021
in පුවත්
-Delete -Data
Share on FacebookShare on Twitter
  • යළි යළිත් දත්ත පද්ධතිය ආරක්ෂා කිරීමේ වගකීම ගැන පැහැදිළි කළත්  ඖෂධ නියාමන අධිකාරිය ඒ සම්බන්ධව කටයුතු කර නෑ…

  • දත්ත ප්‍රතිස්ථාපනය කළ හැකියි… ඒ බව වගකිවයුත්තන්ට ලිඛිතව දැන්නුවා… එපික් ලංකා සමාගම අධිකරණයේ දී කියයි…

  • සමාගම හා ඖෂධ නියාමන අධිකාරිය එක්ව දත්ත ගොනුව ප්‍රතිස්ථාපනයට අධිකරණයෙන් අවසර… යළි දත්ත ලැබුනොත් නඩුව සමතයකට…

ජාතික ඖෂධ නියාමන අධිකාරිය තම දත්ත සහ වැඩ ප්‍රවාහ කළමනාකරණය අදාළ පෞද්ගලික සමාගමට පැවරීමේ දී එම සමාගම වෙත එම දත්ත ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන්  කිසිදු වගකීමක් ගිවිසුම් ප්‍රකාරව පවරා නොමැති බව අද (13) මහෙස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය විය.

එසේම දත්තවල සංවේදී භාවය පිළිබඳව කිසිදු වෙන් කිරීමක් එම අධිකාරිය මඟින් කිසිදු අවස්ථාවක සිදු නොකළ බවත්  ඖෂධ අධිකාරියේ ප්‍රධාන දත්ත ගබඩාවෙන් පිටත වූ දත්ත ගොනුවක් මැකී යාම සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ දී විභාගවන නඩුවේ එපික් ලංකා සමාගම වෙනුවෙන්  පෙනී සිටින ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස   අධිකරණය හමුවේ අනාවරණය කළේය.

මෙම දත්ත ගොනුව මැකීයාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද නඩුව කැඳවූ අවස්ථාවේ දී නීතීඥ ඉන්දතිස්ස   මේ බව ප්‍රකාශ කළේ රජයේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියොජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්   මෙම දත්ත පද්ධති ආරක්ෂාව සඳහා අදාළ සමාගම කිසිදු පියවරක් ගෙන නොමැති බවට කළ ප්‍රකාශයට පිළිතුරක් ලබා දෙමිනි.

රජයේ පාර්ශවයෙන් අධිකරණය හමුවේ පෙනී සිටි දිලීප පීරිස්  මෙම දත්ත   ගොනු අතුරුදන් වීම ඖෂධ මාෆියාවේම එක් ප්‍රතිඵලයක් විය හැකි බවද සඳහන් කළ අතර මෙම දත්ත ආරක්ෂා කර ගැනීම සමාගමේ වගකීමක් බව පෙන්වා දුන්නේය.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ඊට ප්‍රතිචාර දක්වමින් එපික් ලංකා සමාගම වෙනුවෙන් ඉදිරිපත්වූ නීතීඥ කාලිංග ඉන්දතිස්ස  සඳහන් කළේ මෙම දත්ත කළමනාකරණය කරන ලද සමාගම එම දත්ත ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහ තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ බලධාරීන් හමුවේ පෙන්වා දී තිබුණද අදාල සමාගම තම කාර්යය සඳහා ගිවිසුම් ගත වීමේදී එවැනි වගකීමක් පවරා නොතිබූ  බවත් මෙම ගිවිසුම මෙම රාජ්‍ය ආයතන දෙකම හොඳින් නිරීක්ෂණය කර  අත්සන් කර ඇති බවත් ය.

මෙහිදී එපික් ලංකා  සමාගම් පාර්ශ්වය මෙම ප්‍රධාන දත්ත පද්ධතියෙන් පිටත මැකි ගිය දත්ත ගොනුව යළි ප්‍රතිසාධනය කිරීමට හැකියාවක් පවතින බව අදාළ බලධාරීන්ට ලිඛිතව පැහැදිළි කරදී ඇති බව ප්‍රකාශ  වූ අතර මෙම කටයුත්ත එපික් ලංකා සමාගමත් ජාතික ඖෂධ නියාමන අධිකාරියත් එක්ව සිදු කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා උපදෙස් ලබා දුන්නේය .

එසේම මෙම දත්ත පද්ධතිය වෙත පිවිසීම වළක්වමින් පනවන ලද වාරණ නියෝගය ඉවත් කළ මහෙස්ත්‍රත්වරයා නඩුව ලබන දෙසැම්බර් මස 09 වැනිදාට කල් දැමූ අතර අදාළ දත්ත ගොනුව යළි ලබා ගත හැකි වුවහොත් මෙම නඩුව සමතයකට පත් කළ හැකි බවද ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් ආසාදිත වයෝවෘද්ද හා අබාධිත හා රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථානවල මැරෙන හැටි පී.එච්.අයි ලා කියති…

Next Post

මන්නාරම ප්‍රාදේශීය සභා සභාපති හෙට සිට තනතුරින් පහ කරයි… මන්ත්‍රීකමත් අහෝසියි…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.