ඖෂධීය හා ඇරොමැටික ශාක වගා කිරීමේ දැනුම ඉන්දීය කාන්තාවන්ට

India Medicinal Plants

ඉන්දියාවේ ලක්නව් ප්‍රදේශයේ පැවැත්වූ දින හතරක වැඩමුළුවකදී විද්‍යාඥයින් විසින් ඇරොමැටික් හා ඖෂධීය ශාක වගාව හා නිෂ්පාදනය සම්බන්දයෙන් සවිස්තරාත්මක දැනුමක් එම ප්‍රදේශයේ කාන්තා ගොවීන්ට ලබා දීමට සමත් වන ලදී.

සාමූහික ලෙස ගොවිතැන් කිරීමට කාන්තාවන් පොළඹවමින් ආචාර්ය දීපක් විසින් බ්‍රින්ග්රාජ්, මන්ඩුකපර්ණි, අශ්වගන්ධ, බ්‍රාහ්මි, තුල්සි හා චමොමිලි වැනි ඖෂධීය ශාක සම්බන්ධයෙන් කාන්තාවන් දැනුවත් කර තිබේ. එලෙසම පල්මරෝසා, කුස් වැනි ඇරෝමැටික ශාක වගා කිරීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් ද ඔවුන්ට දැනුම ලබා දී ඇත.

මීට අමතරව, විද්‍යාඥයින් විසින් ඉහළ තෙල් අන්තර්ගතයක් සහිත නූර්ජහාන්, රනිෂිබා වැනි රෝස ප්‍රභේද වගා කිරීම සහ රෝස වතුර සෑදීමේ විද්‍යාත්මක ක්‍රම මෙන්ම රෝස මල් වලින් තෙල් නිස්සාරණය කිරීම නිරූපණය කරන ලදී.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට සමගාමීව මල්වලින් හඳුන්කූරු, වැනි අගය එකතු කළ නිෂ්පාදන සෑදීමට ද පුහුණුවක් ලබා දුන් බව ‘ද ෂිලොන්ග් ටයිම්ස්’ වාර්තා කරයි. පී.කේ. ව්‍යාපෘතියේ පර්යේෂණ සහකාර සිං, ගොවිතැන් කිරීමේදී ගොවීන් මුහුණ දෙන ගැටලු විසඳීමට යෝජනා ලබා දුන් අතර අනාගතයේදී කාන්තා ගොවීන්ට උපකාර ලබා දෙන බවට සහතික විය.

Exit mobile version