ඕස්ට්‍රේලියානු පොලිසිය ජාත්‍යන්තර අපරාධකරුවන්ගේ ඇප් එකක් හැක් කරයි

ඇමරිකානු සහ ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් සංවිධානාත්ම අපරාධකරුවන් සන්නිවේදන කටයුතු සදහා යොදාගත් ජංගම දුරකථන දෙදුමක් ඔස්සේ ලොවපුරා සිටින අපරාධකරුවන් රැසකගේ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවී තිබේ.

ඒ අනුව ඇමරිකාව සහ ඕස්ට්‍රේලියානු බලධාරීන් මෙම සන්නිවේදන යෙදවුම හැක් කිරීමට සමත්ව ඇත.

එමගින් රටවල් 18ක අපරාධකරුවන් කරුවන් සියගණන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබේ.


ඕස්ට්‍රේලියානු පොලිසිය සහ ඇමරිකාවේ එෆ්.බී.අයි ආයතනය මෙම විමර්ශන මෙහෙයවා ඇත.

එහිදී ඔවුන්ට ඕස්ට්‍රේලියාව, ආසියාවේ, දකුණු ඇමරිකාවේ සහ මැදපෙරදිග රටවල් ඔස්සෙ ක්‍රියාත්මක මත් ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ පිරිස් ගැන අනාවරණය කරගැනීමට හැකිවී තිබේ.

ට්‍රෝජන් ශීල්ඩ් ලෙස නම් කර තිබූ මෙම පරීක්ෂණය සන්නිවේදන යෙදවුම් ඔස්සෙ කල ලොව විශාලතම මෙහෙයුමක් වේ.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසන්නෙ මෙය සංවිධානාත්මක අපරාධකරුවන් වැලැක්වීමේ සාර්ථක සංධිස්ථානයක් බවයි.

ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විසින් පුද්ගලයින් 224 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත. ඊට යතුරුපැදි කල්ලියක්ද වන බව ඔවුන් සදහන් කරයි.

මේ අතර නවසීලන්ත ආරක්ෂක අංශ විසින්ද පුද්ගලයින් 35 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරණු ලබයි.

මෙම මෙහෙයුම 2018 වර්ෂයේ සිට දියත් කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තෙ ඕස්ට්‍රේලියානු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමජිකයන් විසින් විශේෂිත ජංගම දුරකථන භාවිතා කර ඇතිබවයි.

මෙම දුරකථන වල කැමරා හෝ වෙනත් කිසිම පහසුකමක් නොතිබුණු අතර ඒවායේ අදාල සන්නිවේදන යෙදවුම පමණක් අන්තර්ගත වී තිබී ඇත.

අදාල ජංගම දුරකථන යෙදවුම හැක්කිරීම මගින් අපරාධකරුවන්ගේ පණිවුඩ සියල්ල කියවීමට හැකිවී ඇත.

එම පණිවුඩ ඔස්සෙ අපරාද රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ.

එමගින් සිදුවීම ගිය මනුෂ්‍ය ඝාතන කිහිපයක්ද වලක්වා ගැනීමට හැකිවූ බවද ඔස්ට්‍රේලියානු බලධාරීන් පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර ඕස්ට්‍රේලියානු බලධාරීන් ගිනි අවි 104ක්ද හමුදාව භාවිතා කරන ස්නයිපර් ගිනි අවියක්ද ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 45ක්ද සොයාගැනීමටද සමත්ව ඇත.

Exit mobile version