ඔස්ට්‍රියාව ඇස්ට්‍රසෙනෙකා එන්නතේ කාණ්ඩයක් ලබාදීම අත්හිටුවයි

ඔස්ට්‍රියාවේ ජනතාවට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ එක් කාණ්ඩයක් ලබා දීම තාවකාලිකව අත්හිටුවීමට එරට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.

මෙම එන්නත් කාණ්ඩයෙන් එන්නත ලබා ගත් කාන්තාවක් මිය යාමත් තවත් කාන්තාවක් අසනීප තත්ත්වයට පත්වීමත් හේතුවෙන් මේ පිළිබඳව පුළුල්ව විමර්ෂණය කරන තෙක් එම එන්නත ලබා දීම අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව එරට මාධ්‍ය අද වාර්තා කළේය.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් 49 හැවිරිදි ඔස්ට්‍රියානු කාන්තාවක් එයින් පසුව ඇති වූ සංකූලතා උත්සන්න වීමෙන් මිය ගොස් ඇති අතර එම එන්නත ලබා ගත් තවත් 35 හැවිරිදි කාන්තාවකගේ පෙණහලුවලට රුධිරටය සපයන නාළිකාවක රුධිර කැටියක් සිරවිමේ තත්ත්වයකට මුහුණ දී ඇති අතර මෙම කාන්තාව එයින් කෙමෙන් සුවය ලබමින් සිටින බව වාර්තා වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කරන තෙක් මෙම එන්නතේ ඔවුන්ට ලබා දුන් කාණ්ඩය අත්හිටුවීම පියවර ගෙන ඇති අතර ඔස්ට්‍රියානු සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ මෙතෙක් මෙම සිදුවීම් දෙකට හේතුව ඇස්ට්‍රා සෙනෙකා එන්නතමද යන්න තවමත් තහවුරු කරගෙන නැති බවය.

Exit mobile version