ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කරති…

ආරම්භයම පරාජයක ලකුණු තබා ඇත. ශ්‍රී ලංකාව ලකුණු 127කට දැවී ගියහ. කණ්ඩායම ඕවර 20 ක්‍රීඩා කළේ නැත. ඕවර 19.3ක දී සියලු දෙනාම දැවී ගියහ.  ඔස්ට්‍රේලියාවට ලකුනු 128ක ඉලක්කයක් හිමිවී තිබේ.

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රෙලියානුවෝ පන්දු යැවීම තේරූහ. එහි ඉතාම යහපත් ප්‍රතිඵල ඔවුහු නෙලා ගත්හ

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 36 ක්, චරිත් අසලංක ලකුණු 38 ක්, දනුෂ්ක ගුණතිලක ලකුණු 26 ක් හා වනිඳු හසරංග ලකුණු 17 ක් ලබා ගත්හ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා පිල පළමු පන්දු ඕවර 10 තුලදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 79ක් ලබා ගෙන ප්‍රබල ස්ථානයක පසුවුවත් ඕස්ට්‍රේලියානු පිලේ වේග පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර් 9.3ක් තුලදී ලකුණු 49ක් පමණක් ලබා ගත්තේ සිය ඉතිරි කඩුලු 09ම අහිමි කර ගත්හ.  මිෂෙල් ස්ටාක් කඩුලු 03ක් ද ජොෂ් හසල්වුඩ් කඩුළු 04ක් දවා ගත්හ.


Exit mobile version